Powered By Blogger

Saturday, November 6, 2010

චීන මහා ප්‍රාකාරය-2 කොටස


චීන මහා ප්‍රාකාරය ගැන ලියන ලිපිපෙලේ අද දෙවන කොටස. චීන මහා ප්‍රාකාරය-1 කොටස නොබලපු අය ඒක බලල එන්න. චීන මහා  ප්‍රාකාරය පටන් අරගෙන තියෙන්නෙ කුයින් රාජ වංශයේ කියල තමයි කියන්නෙ.
 මේ ඉන්නෙ චීන අධිරාජයෙක්.
















ක්‍රි.පූ 221 දී කුයින් ෂී හුවාන්ග් අධිරාජයා සතුරු ප්‍රාන්ත සියල්ලම යුද්ධ කරල යටත් කරල චීනය එක්සේසත් කරල තියනව. ඊට පස්සෙ තමයි කුයින් රාජ වංශය පටන් අරගෙන තියෙන්නෙ. මධ්යම රජයෙන් පාලනය කරගෙන යන්නත් වැඩවසම් ක්‍රම නැවතත් ඇතිවීම වලක්වන්නත් ප්‍රාන්ත වටේට හදල තිබුනු ප්‍රාකාර කඩන්න ඕන කියල අධිරාජයාට තේරුම් ගිහිල්ල තියනව. වගේම දේශ සීමාව ආරක්ෂා කරගන්න අලුත් ප්‍රාකාරයක් හදන්නත් තීරනය කරල තියනව. 
චීනයේ උතුරු පැත්තෙ හිටිය ෂියොංනු කියන පැරණි ගෝත්‍රිකයින්ගෙන් හැම තිස්සේම උතුරු දේශ සීමාවට පහරදෙන්න පටන් අරගෙන. මේ හේතුව නිසා උතුරු සීමාව යා කරල ප්‍රාකාරයක් හදන්න අත්‍යාවශ්‍ය වෙලා තියනව.
මෙන්න උතුරු සීමාවෙ ප්‍රාකාරය.
 















ඒත් මේක හදන්න අවශ්‍ය දේවල් හදන තැනට ගෙනියන එකනම් ලේසි වෙලා නැහැ ඒක නිසා අවට තිබුනු දේවල් යොදාගෙනමයි හදල තියෙන්නෙ. කඳු හරහා හදාගෙන යද්දි අරගෙන තියෙන්වෙ ගල් වර්ග. මිටියාවත් වලදි මැටි යොදාගෙන තමයි ගොඩ නගල තියෙන්නෙ. හැබැයි කුයින් රාජ වංශය තිබුනු කාලෙ කොපමණ දුරකට ප්‍රාකාරය හදල තියනවද කියලනම් හොයාගන්න බැරිලු.පරණ ප්‍රාකාර අවුරුදු සිය ගණනක් විනාශවෙමින් තිබිල.
මෙන්න මේ වගේ.




















නිසා අද ඉතුරුවෙලා තියෙන්නෙ ටිකක් විතරයි. හැන්,සුයි,ජින් වගේ රාජ වංශය කාලෙන් කාලෙට අලුත්වැඩියා කරමින් හෝ නැවතත ගොඩනගමින් මේක රැකගන්න විශාල ධනයක් යොදවල තියෙන්නෙ ඔවුන්ගේම ආරක්ෂාවට තමයි.
ෂියොංනු ගෝත්‍රිකයින් දිගටම දේශ සීමාවට පහරදෙන්න වෙලා. කොපමනද කියනවනම් හැන් රාජ වංශය චීනය පාලනය කරන කාලයේ හැන් වූ ඩි රජු ඔවුනුත් එක්ක සටන් කරන්න ක්‍රි.පූ 127,121,119 යන වසර වල හමුදා කන්ඩායම් තුනක් යොදවන්න වෙලා තියනව. සටන් වලින් පැරදුනු ගෝත්රිකයින් ගෝබි කාන්තාරයට පලවාහැරල තියනව. රටවල් දෙක අතර තිබුනු හෙක්සි නම් බිම් තිරුවත් ෂින්ජියක්ග්  ප්‍රදේශයත් ආරක්ෂා කරගන්න ප්‍රාකාරය දික් කරන්න රජු අණ කරල තියනව.
දැනට බෙයිජිං වල තියන චීන මහා ප්‍රාකාරය හදල තියෙන්නෙ මිං රාජ වංශය චීනය පාලනය කරන කාලෙ(1368-1644). මේ කාලෙ හදන්න යොදාගෙන තියෙන්නෙ ගඩොල්,කලුගල් වගේ දේවල්.
බෙයිජිං වල ප්‍රාකාරය













වගේම විවිධ මෝස්තර හා ආරක්ෂක උපක්‍රමත් යොදාගෙන තියනව. උතුරු පැත්තෙ බලය වැඩි කරන්න ප්‍රාකාරය කොටස් නවයකට බෙදල ස්හෙන් කියල මූලසස්ථානයක් හරහා පාලනය කරල තියනව
චීන මහා ප්‍රාකාරය 2 කොටස ඉවරයි. තව දේවල් තියනව ලියන්න.

Tuesday, November 2, 2010

අඩලියේ පෙන්ගුවින්












සතෙක් ගැන යමක් තුලින් අද මම ඔඹට ඉදිරි පත් කරනනේ අඩලියේ පෙන්ගුවින් ගැන. අඩලියේ පෙන්ගුවින් (සිංහලෙන් කියන නමනම් දන්නෙ නැ)( Adelie Penguin) සත්ව විද්‍යාත්මක නමින් කීයනවනම් පයිගොසේලිස් අඩලියේ (Pygoscelis adeliae)  වෙන්න පුලුවන් ඇන්ටාක්ටික් පෙන්ගුවින්ලගෙන් හොඳින්ම දන්නා පෙන්ගුවින් විශේෂය. අඩලියේ පෙන්ගුවින්ට ඒ නම ලැබිල තියෙන්නෙ ප්‍රංශ ධ්‍රැව විද්‍යඥවරයකු වන ඩ්‍යූමන්ට් ඩවිල් (Dumont d'Urville) ගේ බිරිඳ ගේ නමිනුයි. අඩලියේල අනෙක් පෙන්ගුවි වර්ග වලට වඩා යම් ප්‍රමාණයකින් පොඩියි.
 මොවුන් විශාල ජනපද ගොඩනගා ගන්නව, සමහරවිට කුරුල්ලන් දෙලක්ෂයක් පමණ වන ජනපද පවා තියනව. මොවුන් තම වර්ගයා බෝකරන්නෙ ගල් සහිත වෙරලවල් වල හා දූපත් වලයි, කුඩුහදා ගන්නෙ ගල් වලින්. ගැහැනු සතා නොවැම්බරයෙ මුල් කාලයේ, දීප්තිමත් කොළ පැහැයෙන් යුත් බිත්තර දෙකක් දමනව. එවගේම මව් හා පිය කුරුල්ලන් මාරුවෙන් මාරුවට බිත්තර රකිමින් ආහාර සපයා ගැනීමට මුහුදට පිහිනා යනව.
  අඩලියේ පෙන්ගුවින්ලගෙ පැහැය කියනවනම් සමාන්‍ය මෙන්ගුවින්ලගෙ පාටම තමයි. එත් මුන්ගෙ කලු පාට පසු ප්‍ර‍‍‍‍‍දේශය,හිස හා අත්තටු හොඳන් කැපිල පේන සුදු පාට උදරයක් සහ පපුවක් තියතව. එවගේම ඇස් වටේට සුදු පාට රවුමක් පේනව නේද? එකත් විශෙෂත්වයක්. අඩලියේල සෙන්ටි මීටර් 46-61 ප්‍රමාණයට උසින් සහ කිලෝ 4-5 විතර බරට වැඩෙනව. ගැහැනු හා පිරිමි සතුන් දෙන්නම එකම පෙනුමෙන් යුක්තයි.
 මෙම පෙන්ගුවින් විශේෂයේ ප්‍රමාණය එකසේ පවතිනව සමහරවිට වැඩිවෙනව වෙන්නත් පුලුවන්. දැනට මුන් මිලියන 2 සිට 2.6 විතර ඩීවත් වෙනවව. අඩලියේ පෙන්ගුවින්ලගේ ගහනය ඇන්ටාටිකාව වටා පවතින මුහුදේ ඇන්ටාර්ක්ටික් ක්‍රිල්(Antarctic Krill) නම් මත්ස්‍ය ගහනය මත රදා පවතින ‍නිසා දක්ෂිණ ද්‍රැවය ප්‍රදේශයේ ඇති ජලයෙ ඇති ‍සෞඛ්‍යසම්පන්නබව මනින ජීවමාන මිම්මක් වශයෙන් විද්‍යඥයින් මේ කුරුල්ලන්ව යොදාගන්නව.

අඩලියේ පෙන්ගුවින් පිලිබඳ තවත් තොරතුරු කිහිපයක් මේ:

බර: කිලෝග්රෑම් 3.6-5 අතර.
උස: සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 69,
ආහාර: ප්‍රධාන වශයෙන්ම ඇන්ටාර්ක්ටික් ක්‍රිල් නම් මත්ස්‍ය වි‍ශෙෂය. ඊට අමතරව කුඩා බූවල්ලන්.
අභිජනන සමය: වසන්තයේ මුල සමයේ සිට ග්‍රිෂ්ම සෘතුව දක්වා.
වරකට දමන බිත්තර ප්‍රමාණය: සාමාන්‍යයෙන් 2කි.
බිජු රකින කාලය: දින 24 සිට 39 දක්වා.
පරිනතවන අවදිය: ගැහැනු වසර 3-6 , පිරිමි වසර 4-6 අතර.

නිජභූමි:
ගලි සහිත වෙරලබඩ, අයිස් කැට ඇති ප්‍රදේශ සහ ඇන්ටාටිකාවේ මුහුදුතීරය. මුලු ඇන්ටාටිකා ප්‍රදේශයේම ආහාර සොයමින් පිහිනා යයි.

තවත් දවසක සතෙක් ගැන යමක් සමග හමුවෙමු