Powered By Blogger

Wednesday, August 10, 2011

ජූනෝ ගමන අරඔයි




















ජූනෝ අභ්‍යවකාශයානාව අගෝස්තු 5වන සිකුරාදා ෆ්ලොරිඩා වල කේප් කැනරවල් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ අභ්‍යවකා ගුවන්ගත කිරීමේ අංගනයෙ 41 කොටසින් Atlas V කියන ‍රොකට් එකේ අධාරයෙන් අභ්‍යවකාශයට යවන අවස්ථාව තමයි මේ පේන්න තියෙන්නෙ.
ජූනෝ අවුරුදු පහක් බ්‍රහස්පතී දක්වා සැතපුම් මිලියන 400 ගිහින් ඒ ග්‍රහයා වටේ බ්‍රමණය වෙමින් ග්‍රහයා තුල සැකැස්ම,ගුරුත්වාකර්ශණ පරාසය,ජල තත්වය හා වායුගොලයේ ඇති ඇමෝනියා වායුව මැනගන්න,එහි ඇති වලවත් චුම්භක පරාසය ඒවගේම බුහස්පතී ග්‍රහයාගේ අධික දීප්තිමත් බව කියන මේ සියලු දේම හොයාගන්න බුහස්පතීගෙ ආරම්භය හා පරිණාමය ජූනෝට සවිකරල තියන උපකරණ අටකින් පරීක්ෂා කරල බලාවි.

Sunday, May 22, 2011

තරු බිහිවන රසායනගාරයක්







තරුණ අවදියෙ පවතින තරු සහ දූවිලි වලාවන් සහිත NGC 4214 කියන වාමන මන්දාකිනිය දිදුලන හැටි තමයි මේ පේන්න තියෙන්නෙ. පෘථිවියේ සිට ආලොක වර්ෂ කොටියක් විතර දුරින් දඩයම් බල්ලා (Canes Venatici) කියන තාරකා රාශියෙ තමයි මේ මන්දාකිනිය තියෙන්නෙ. හබල් දුරේක්ශයෙ Wide Field Camera 3 කියන ‍කොටසින් ගත්ත මේ පින්තූරෙ, තාරකා පරිණාමයේ විවිධ අවදීන් පෙන්නුම් කරන තාරකා වල එකතුවකින් යුන් මේ මන්දාකිනිය තරුවක් බිහිවන හැටි සහ පරිණාමය වෙන ආකාරය දැක්වෙ රසායනාගාරයක් විදියටයි තාරකාවිද්‍යඥයින් සලකන්නෙ.

Friday, May 20, 2011

අකුණු




















සිරස්තලය දැක්කම හිතෙනව ඇති ඒක වැරදිලා දාලද කියල, නෑ ඒක වැරදිලා නැහැ. මේ අකුණු ගහන දර්ශනය පෘථිවියෙ ඉදන් දැකපු එකක් නෙවෙයි.  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ කෙනෙක් වන Paolo Nespoli කියන ගගන ගාමිය තමයි බ්‍රසීලයට ඉහල අහසෙ මේ අකුණු ගහන දර්ශනය ‍2011 ජනවාරි වල ජායාරූප ගත කරල තියෙන්නෙ.

Wednesday, May 11, 2011

හාබර් සීල්


හාබර් සීල් (Harbor seal) හැඳුන්නුවත් මුන් ඉන්නෙනම් වරායවල් වල නම් නෙවයි. Common Seal කියලත් මුන්ට කියනව. මේ සතුන් හොඳින් පිහිනිය හැකි පත්තවල් වැනි ගාත්‍රා වලට උරුමකම් කියන ජව සම්පන්න, මාංශ භක්ෂකයින්. මුන් අඩි 6.5 විතර දිගයි වගේම පවුන්ඩ් 120 සිට 370 දක්වා බරව වැඩෙනව. පිරිමි සතා ගැහැනු සතාට වඩා විශාලයි. 
  සාමන්‍ය සීල්ගෙ කොට ලොම් ඇති හමේ කලු හෝ අලු පාට රටාවක් තියනව. ලෝකයේ වැඩියෙන්ම පැතිරී ඉන්න සීල් මත්‍යසයන් අතරෙ මේ සීල් මත්‍යසයත් ඉන්නව. මුන් දකුණු අතලාන්තික් වෙරළ තීරයේ, උතුරු පැසිපික් මුහුදේ සහ අර්ටික්, ඒ අවට ප්‍රදේශවල, (විශෙෂයෙන් උනුසුම් ප්‍රදේශ වල) වැඩිෙය දකින්න පුලුවන්. තව විස්තර මෙතනින් බලන්න.

ආහාර: මාලු,දැල්ලන්.

නිජභූමිය: උතුරු අත්ලානතික් හා උතුරු පැසිපික් වෙරල වල. මුහුදුබඩ දිවයින්,වෙරල,වැලි වැටි.

රක්ථ වර්ණ ඉබ්ස්


රක්ථ වර්ණ ඉබිස්-(Scarlet Ibis) කොක් කුලයට අයත් දකුණු ඇමරිකානු ජලජ කුරුල්ලෙක්. මුගේ ඇති තද රක්ථ වර්ණය නිසා තමයි වැඩි අවදානමක් දිනාගෙන ඉන්නෙ. මූට මේ පාට ලැබෙන්න හේතු උන් කෑමට ගන්න කූනිස්සන් සහ අනෙත් මාලු වර්ග වලින් කියලයි කියන්නෙ. පිරිමි සහ ගෑනු සතුන් දෙන්නම චර්ණයෙන් එකම සමානයි. උඩු කොටස අඳුරු දුඹුරු පාට හා යටිබඩ පැත්ත සුදු පාට ලබාල වයසෙ ඉබිස්ලගෙ රතු පාටින් ටිකක් අඩුයි. රක්ථ වර්ණ ඉබිස්ල වතුර ඇති තැන් වල කිට්ටුවෙන් පිහිටල තියන ගස්වල උන්ගෙ කූඩු වලින් පිරුනු විශාල ජනපද ගොඩනගා ගන්නව.

රක්ථ වර්ණ ඉබිස් ‍උගේ හොට මඩ ඇතුලට ඔබල කෑම හොයාගන්නව එමගේ උන්ගෙ හොටෙන් වතුර ‍එහාට මෙහාට හොලවල ගොදුරු හොයාගන්නත් උන් දන්නව. තව ෆොටෝ ටිකක් එහෙම බලන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න

ආහාර: කූනිස්සන්,කුඩා මාලු වර්ග, කුඩා කෘමීන්.

නිජභූමිය: දකුණු ඇමරිකාවෙ උතුරු ප්‍රදේශයෙ වගුරු බිම් හා මුහුදු බඩ ප්‍රදේශ වල සහ මධ්‍යම ඇමරිකාවෙ දකුණු ප්‍රදේශයෙ වගුරු ආශ්‍රිතව.

Wednesday, April 6, 2011

සම්බන්දය

















ඩිස්කවරි ෂටලය හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් වන කැනඩාවට අයත් Special Purpose Dextrous Manipulator යන නමින් හදුන්වන තවත් කොටසක් එකට සම්බන්ද වෙලා තියන හැටි මේකෙ පෙනෙනව . මේ ඡායාරූපය අරගෙන තියෙන්නෙ ලෝක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින STS-133 නම් අගනගාමී කන්ඩායමේ කෙනෙක්. බලන්න අවකාශයේ අදුර අතරින් අපේ පෘථිවියෙ කොටසක් ඡායාරූපයේ ඉහලින් පෙනෙන හැටි.

real audio file to MP3 කන්වර්ටරයක්








real audio file නැත්නම් .ram කන්වර් කරන්න ෆී කන්වර්ටරයක් නෙට් එකේ කොහේවත් හොයාගන්න නැහැ. Pakheaven සයිට් එකේ සින්දු තියෙන්නෙත්, එතකොට Techකතා එකේ එහෙමත් MP3 එකයි OGG එකයි ඇර real audio එකකුත් දෙනවනෙ
 . මේ real audio කන්වර් කරන්න ක්රැක් කරපුව නෙට් එකේ හොයල තව පොඩ්ඩන් PC එක වයිරස් විමානයක් වෙනව.. ඉතිං real audio file to mp3  කන්වර් එකක් හොයල හොයල එපා වෙලා ඉදිද්දි මෙන්න මේ Youtubedowner එකට නිකමට ව‍ගේ .ram file එකක් ඇඩ් කරල බැලුව වැඩේ හරි ඇඩ් වුනා විතරක් නෙමේ කන්වර් කරන්නත් පුලුවන්. හැබැයි අඩුම කන්වර් කොලිටිය 96kbps ඒක නිසා සින්දු වලටනම් නියමෙට ගැලපෙනව.

Monday, April 4, 2011

රටවල් ගැන විස්තර















එක එක රටවල් ගැන විස්තර දැනගන්න කැමතිද? ඔන්න එහෙම කැමැත්තක් තියන අයට වැදග්වෙයි  මම රටවල් ගැන විස්තර දැනගන්න Google search කරල කරල එපාවෙලා ඉදිද්දි අහම්බෙන් වගේ තමයි මේක හම්බ උනේ. මේ සයිට් එක BBC යට අයිති එකක් BBC Country Profiles . හැබැයි ඉතිං BBC යට වාසි වෙන විදියට තමයි විස්තරනම් දාලා තියෙන්නෙ ඒක නිසා තාර බර එහෙම ඇරල තමයි ගන්න වෙන්නෙ. මේකෙ මම දැකපු හොදම දේ තමයි හැම රට ගැනම අතීතයේ ඉදල වර්තමානයටම වෙනකම් Timeline එකක් තියන එක.

Friday, January 28, 2011

කුතුහලයට විසදුමක්







එක එක දේවල් වැඩකරන්නෙ කොහෙමද කියල කුතුහලයක් තියන අයට පොඩි උදව්වක් කරන්නයි අද හදන්නෙ. අන්නව නේද ඩිස්කවරි චැනල් එක මේ සයිටි එකත් ඒ ආයතනයටම අයිත් එකක්.එක එක මාතෘකා වලට අයිති දේවල් වෙන ‍වෙන වෙනම බෙදල ක්‍රමානුකූලව ඉදිරිපත් කරල තියනව. හැබැයි ලිපි ලියල තියන ක්‍රමයන් ටිකක් සංකීර්නයි ඒත් උනන්දුවෙන් කියෙවුවොත් තේරුම් ගන්න ලේසියෙන්ම පුලුවන් සයිට් එක තමයි Howstuffworks.com

තවදෙයක් තියනව කියන්න මගේ චැට් රූම් එක තමන්ගෙ සයිට් එකට එම්බෙට් කරගන්න කැමති අය ඉන්න වනම් එම්බෙට් කරගන්න එතකොට ගොඩක් අයට චැට් රූම් එකෙන් චැට් කරන්න පුලුවන්. කොහොමත් සිංහල බ්ලොර් සයිට් එකේ බ්ලොග්ස් ගෙඩක් තිබුනත් චැට් රූම් තියන බ්ලොග්ස් අඩුයිනෙ. හරි එහෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් එම්බෙට් කරගන්න.

Tuesday, January 25, 2011

ඉංග්‍රීසි ඉගනගන්න

ඉංග්‍රීසි ඉගනගන්න කැමති, ඉංග්‍රීසි ගැන සාමාන්‍ය දැනුමක් තියන අයට මෙන්න නියම සයිට් එකක් manythings.org ගිහින්ම බලන්න හරි පුයොජනවත්.

චැට් රූම් එකක්

ඔන්න මම මගේ බ්ලොග් එකට චැට් රූම් එකක් දැම්ම කැමති කෙනෙක් ඉන්නවනම් මගේ චැට් රූම් එකට එන්න.

Saturday, January 8, 2011

අලුත් වැඩක්















අලුත් වැඩක් කරන්න ඕන කියල මට හිතුන. අලුත්මත් නැහැ හැබැයි මමනම් මීට කලින් කරල නැහැ,  ඒක තමයි මේ බ්ලොග් සින්ඩිකේටරයට එන අයට තියන ප්‍රශ්න වලට උත්තර දෙන එක. හැබැයි ඉතින් ප්‍රශ්න කියුවට හැම ප්‍රශ්නයකටම නෙවේ, මම දන්න දේවල් වලට අදාල ප්‍රශ්න වලට තමයි මම උත්තර දෙන්නෙ. කට හඩෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න වලට පොඩ්කාස්ට් එකකින් උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනව. මම දන්නෙ මොනව ගැනද කියලත් ඉතිං කියන්න ඕනනෙ. පරිගනක ගැනනම් ගොඩක්දේවල් දන්නව ඒකට අදාල ප්‍රශ්න වලට නම් පහසුවෙන්ම උත්තර දෙන්න පුලුවන්. හැබැයි ඉතිං බ්ලොග් කරන අයටනම් පරිගනක ගැන ප්‍රශ්න නැහැනෙ ඒ හින්ද ඒ අයටනම් මේ වැඩෙන් වැඩක් නැතිවෙයි. ඒත් බ්ලොග් කියවන්න විතරක් බ්ලොග් සින්ඩිකේටරයට එන අයටනම්  පරිගනක ගැන ප්‍රශ්න ඇතිනෙ ඔන්න ඒ අයටයි මේක කරන්නෙ. ප්‍රතිචාර වල හැටියට තමයි වැඩෙ කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ.