Powered By Blogger

Friday, January 28, 2011

කුතුහලයට විසදුමක්







එක එක දේවල් වැඩකරන්නෙ කොහෙමද කියල කුතුහලයක් තියන අයට පොඩි උදව්වක් කරන්නයි අද හදන්නෙ. අන්නව නේද ඩිස්කවරි චැනල් එක මේ සයිටි එකත් ඒ ආයතනයටම අයිත් එකක්.එක එක මාතෘකා වලට අයිති දේවල් වෙන ‍වෙන වෙනම බෙදල ක්‍රමානුකූලව ඉදිරිපත් කරල තියනව. හැබැයි ලිපි ලියල තියන ක්‍රමයන් ටිකක් සංකීර්නයි ඒත් උනන්දුවෙන් කියෙවුවොත් තේරුම් ගන්න ලේසියෙන්ම පුලුවන් සයිට් එක තමයි Howstuffworks.com

තවදෙයක් තියනව කියන්න මගේ චැට් රූම් එක තමන්ගෙ සයිට් එකට එම්බෙට් කරගන්න කැමති අය ඉන්න වනම් එම්බෙට් කරගන්න එතකොට ගොඩක් අයට චැට් රූම් එකෙන් චැට් කරන්න පුලුවන්. කොහොමත් සිංහල බ්ලොර් සයිට් එකේ බ්ලොග්ස් ගෙඩක් තිබුනත් චැට් රූම් තියන බ්ලොග්ස් අඩුයිනෙ. හරි එහෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් එම්බෙට් කරගන්න.

Tuesday, January 25, 2011

ඉංග්‍රීසි ඉගනගන්න

ඉංග්‍රීසි ඉගනගන්න කැමති, ඉංග්‍රීසි ගැන සාමාන්‍ය දැනුමක් තියන අයට මෙන්න නියම සයිට් එකක් manythings.org ගිහින්ම බලන්න හරි පුයොජනවත්.

චැට් රූම් එකක්

ඔන්න මම මගේ බ්ලොග් එකට චැට් රූම් එකක් දැම්ම කැමති කෙනෙක් ඉන්නවනම් මගේ චැට් රූම් එකට එන්න.

Saturday, January 8, 2011

අලුත් වැඩක්















අලුත් වැඩක් කරන්න ඕන කියල මට හිතුන. අලුත්මත් නැහැ හැබැයි මමනම් මීට කලින් කරල නැහැ,  ඒක තමයි මේ බ්ලොග් සින්ඩිකේටරයට එන අයට තියන ප්‍රශ්න වලට උත්තර දෙන එක. හැබැයි ඉතින් ප්‍රශ්න කියුවට හැම ප්‍රශ්නයකටම නෙවේ, මම දන්න දේවල් වලට අදාල ප්‍රශ්න වලට තමයි මම උත්තර දෙන්නෙ. කට හඩෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න වලට පොඩ්කාස්ට් එකකින් උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනව. මම දන්නෙ මොනව ගැනද කියලත් ඉතිං කියන්න ඕනනෙ. පරිගනක ගැනනම් ගොඩක්දේවල් දන්නව ඒකට අදාල ප්‍රශ්න වලට නම් පහසුවෙන්ම උත්තර දෙන්න පුලුවන්. හැබැයි ඉතිං බ්ලොග් කරන අයටනම් පරිගනක ගැන ප්‍රශ්න නැහැනෙ ඒ හින්ද ඒ අයටනම් මේ වැඩෙන් වැඩක් නැතිවෙයි. ඒත් බ්ලොග් කියවන්න විතරක් බ්ලොග් සින්ඩිකේටරයට එන අයටනම්  පරිගනක ගැන ප්‍රශ්න ඇතිනෙ ඔන්න ඒ අයටයි මේක කරන්නෙ. ප්‍රතිචාර වල හැටියට තමයි වැඩෙ කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ.