Powered By Blogger

Sunday, May 22, 2011

තරු බිහිවන රසායනගාරයක්







තරුණ අවදියෙ පවතින තරු සහ දූවිලි වලාවන් සහිත NGC 4214 කියන වාමන මන්දාකිනිය දිදුලන හැටි තමයි මේ පේන්න තියෙන්නෙ. පෘථිවියේ සිට ආලොක වර්ෂ කොටියක් විතර දුරින් දඩයම් බල්ලා (Canes Venatici) කියන තාරකා රාශියෙ තමයි මේ මන්දාකිනිය තියෙන්නෙ. හබල් දුරේක්ශයෙ Wide Field Camera 3 කියන ‍කොටසින් ගත්ත මේ පින්තූරෙ, තාරකා පරිණාමයේ විවිධ අවදීන් පෙන්නුම් කරන තාරකා වල එකතුවකින් යුන් මේ මන්දාකිනිය තරුවක් බිහිවන හැටි සහ පරිණාමය වෙන ආකාරය දැක්වෙ රසායනාගාරයක් විදියටයි තාරකාවිද්‍යඥයින් සලකන්නෙ.

Friday, May 20, 2011

අකුණු




















සිරස්තලය දැක්කම හිතෙනව ඇති ඒක වැරදිලා දාලද කියල, නෑ ඒක වැරදිලා නැහැ. මේ අකුණු ගහන දර්ශනය පෘථිවියෙ ඉදන් දැකපු එකක් නෙවෙයි.  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ කෙනෙක් වන Paolo Nespoli කියන ගගන ගාමිය තමයි බ්‍රසීලයට ඉහල අහසෙ මේ අකුණු ගහන දර්ශනය ‍2011 ජනවාරි වල ජායාරූප ගත කරල තියෙන්නෙ.

Wednesday, May 11, 2011

හාබර් සීල්


හාබර් සීල් (Harbor seal) හැඳුන්නුවත් මුන් ඉන්නෙනම් වරායවල් වල නම් නෙවයි. Common Seal කියලත් මුන්ට කියනව. මේ සතුන් හොඳින් පිහිනිය හැකි පත්තවල් වැනි ගාත්‍රා වලට උරුමකම් කියන ජව සම්පන්න, මාංශ භක්ෂකයින්. මුන් අඩි 6.5 විතර දිගයි වගේම පවුන්ඩ් 120 සිට 370 දක්වා බරව වැඩෙනව. පිරිමි සතා ගැහැනු සතාට වඩා විශාලයි. 
  සාමන්‍ය සීල්ගෙ කොට ලොම් ඇති හමේ කලු හෝ අලු පාට රටාවක් තියනව. ලෝකයේ වැඩියෙන්ම පැතිරී ඉන්න සීල් මත්‍යසයන් අතරෙ මේ සීල් මත්‍යසයත් ඉන්නව. මුන් දකුණු අතලාන්තික් වෙරළ තීරයේ, උතුරු පැසිපික් මුහුදේ සහ අර්ටික්, ඒ අවට ප්‍රදේශවල, (විශෙෂයෙන් උනුසුම් ප්‍රදේශ වල) වැඩිෙය දකින්න පුලුවන්. තව විස්තර මෙතනින් බලන්න.

ආහාර: මාලු,දැල්ලන්.

නිජභූමිය: උතුරු අත්ලානතික් හා උතුරු පැසිපික් වෙරල වල. මුහුදුබඩ දිවයින්,වෙරල,වැලි වැටි.

රක්ථ වර්ණ ඉබ්ස්


රක්ථ වර්ණ ඉබිස්-(Scarlet Ibis) කොක් කුලයට අයත් දකුණු ඇමරිකානු ජලජ කුරුල්ලෙක්. මුගේ ඇති තද රක්ථ වර්ණය නිසා තමයි වැඩි අවදානමක් දිනාගෙන ඉන්නෙ. මූට මේ පාට ලැබෙන්න හේතු උන් කෑමට ගන්න කූනිස්සන් සහ අනෙත් මාලු වර්ග වලින් කියලයි කියන්නෙ. පිරිමි සහ ගෑනු සතුන් දෙන්නම චර්ණයෙන් එකම සමානයි. උඩු කොටස අඳුරු දුඹුරු පාට හා යටිබඩ පැත්ත සුදු පාට ලබාල වයසෙ ඉබිස්ලගෙ රතු පාටින් ටිකක් අඩුයි. රක්ථ වර්ණ ඉබිස්ල වතුර ඇති තැන් වල කිට්ටුවෙන් පිහිටල තියන ගස්වල උන්ගෙ කූඩු වලින් පිරුනු විශාල ජනපද ගොඩනගා ගන්නව.

රක්ථ වර්ණ ඉබිස් ‍උගේ හොට මඩ ඇතුලට ඔබල කෑම හොයාගන්නව එමගේ උන්ගෙ හොටෙන් වතුර ‍එහාට මෙහාට හොලවල ගොදුරු හොයාගන්නත් උන් දන්නව. තව ෆොටෝ ටිකක් එහෙම බලන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න

ආහාර: කූනිස්සන්,කුඩා මාලු වර්ග, කුඩා කෘමීන්.

නිජභූමිය: දකුණු ඇමරිකාවෙ උතුරු ප්‍රදේශයෙ වගුරු බිම් හා මුහුදු බඩ ප්‍රදේශ වල සහ මධ්‍යම ඇමරිකාවෙ දකුණු ප්‍රදේශයෙ වගුරු ආශ්‍රිතව.