Powered By Blogger

Tuesday, October 2, 2012

මණ්දාකිනි පොකුරක ඝට්ඨනයක්


මේ ජායාරූපයෙන් දැක්වෙන්නෙ Abell 520 මණ්දාකිනි පොකුර ඇතුලෙ දැවැන්ත මණ්දාකිනි පොකුරුවල දරුණු ගට්ඨන නිසා ඇතිවුනු  අදුරු පදාර්ත ,මණ්දාකිනි, උනුසුම් වායු පැතිරී තියන ආකාරය.

Monday, October 1, 2012

තරු බිහිවන ප්‍රධාන ප්‍රදේෂයක්


30 Doradus නිහාරිකාවෙ තුල තියන වසර මිලියන කිහිපයක් පමනක් වයස තරුණ තාරකා සමූහයක් වන R136 තමයි මේ තියෙන්නෙ. අපගේ ක්ෂීරපථයේ කිසිම ප්‍රදේෂයක 30 Doradus නිහාරිකාවෙ තරම් විශාල වශයෙන් තරු බිහිවන තැනක් නැතිලු.

Sunday, September 30, 2012

අභ්‍යවකාශ යානයක හැඩය ගත් මණ්දාකියක්


හබල් දුරදක්නයෙන් හසුකරගත් මේ ජායාරූපයේ දැක්වෙන NGC 2683 නමින් හදුන්වන මණදාකිනි‍ෙය් හැඩය හරියට චිද්‍ය ප්‍රබන්ද වල කියැවෙ  අභ්‍යවකාශ යානයක හැඩයක් වගේ නේද?

Saturday, September 29, 2012

ඔරායන් නිහාරිකාව

අපට ආලෝක වර්ෂ 1,500ක් ඇතින් පිහිටා තිබෙන ඔරායන් නිහාරිකාව තමයි මේ. හයිඩ්රජන් හා සල්ෆර් වායු තියන ප්‍රදේෂ තමයි කොළ පාටට තියෙන්නෙ. රතු සහ තැබිලි පාට කාබන් අණු වැඩි ප්‍රදේෂ. ලදරු තාරු තමයි ඔය කහ පාට තිත් වගේ පේන්න තියෙන්නෙ.




Friday, September 28, 2012

අභ්‍යවකාශයේ ඉදල ඩුබායි දකිමු..!


Expedition 30 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගත්ත මේ ජායාරූපයේ දැක්වෙන්නෙ තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අභ්‍යවකාශයට පෙකනන හැටි. වැඩිපුරම ආලෝකය පේන්නෙ පුධාන හෝටල් හා ගොඩනැගිලි තියන පුදේෂ

Thursday, September 27, 2012

Cygnus Loop නිහාරිකාව


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,500 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ නෙහාරිකා නිර්මාණය වෙලා තියෙන්නෙ චසර පන්දාහත් අටදාහකටත් අතර කාලයකට පෙර සිදුවුනු දැවැන්ත සුපර්නොවා පිපිරුමකින්.

Wednesday, September 26, 2012

පැක්මෑන් නිහාරිකාව










පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9,200 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ  NGC 281 කියන තරු පොකුර  හදුන්වන්නෙ  පැක්මෑන් නෙහාරිකාව  නමින්.

Tuesday, September 25, 2012

චන්ද්‍රයන් පස් දෙනෙක්



සෙනසුරු ග්‍රහයා එයට අයිති උප ග්‍රහයින් ප පස් දෙනෙක් එකම දර්ශනයක දැක්වෙන මේ ජායාරූපය ජුලි.29, 2011 දිනයෙ තියෙන්නෙ කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් එකක්.

Monday, September 24, 2012

හිරු බැසයාම



ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල බලද්දි හිරු බැසයන හැටි මෙහෙම තමයි පේන්නෙ. 09.16, 2001 දින Expedition 3 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල මේ ජායාරූපය අරගෙන තියෙන්නෙ.

Thursday, September 13, 2012

උප මණ්දාකි දැකල තියනවද?


මේ තියෙන්නෙ පෘථිවියේ සිට අලෝක වර්ෂ 160,000 ක් දුරින් පිහිටා ඇති ක්ෂීරපතයට අයත් උප මණ්දාකියක්. මේ පින්තූරයේ තියන අකාරයෙ මණ්දාකි හදුන්වන්නෙ Large Magellanic Cloud නැත්නම් (LMC) කියල.

Wednesday, September 12, 2012

තොටිල්ල පදවන අත ඉර අල්ලයි?














Expedition 32  කන්ඩායමෙහි පියාසැරි ඉන්ජිනේරු (Flight Engineer) නාසා ගගනගාමී ඇත්තටම කියුවොත් ගගනගාමිනියක් වන සුනීතා විලියම්ස්  (මුල්නම Sunita Pandya Krishna) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිර ක්‍රියාකාරකමකට එක්වුනු අවස්ථාවක ඉර ඇල්ලූ අවස්ථාවයි මේ. වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගතකල (Spacewallk) කාන්තාව වේන්නෙත් මෙයාම තමයි.

Tuesday, September 11, 2012

ටයිටන්


සෙනරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් සෙනනුරු හරහා ගමන් කරන ආකාරයයි මේ තියෙන්නෙ.  ටයිටන් වන්ද්‍රයාට සැතපුම් 483,000 පමණ දුරක ගමන්කල කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් මේ ජායාරූපයේ පික්සල් එකකට සැතපුම් 29ක් අඩංගු වෙනව.

Monday, September 10, 2012

අයිසැක්



















NOAA's GOES-13 චන්ද්‍රිකාවෙන් ගත්තු නිවර්තන සුලි කුනාටුක් වන අයිසැක් හි ජායාරූපයක් තමයි මේ තියෙන්නෙ.

Tuesday, August 14, 2012

URL Droplet ගැන දන්නවද?


Data Unlimited නැති අයට තියන ප්‍රශ්නයක් තමයි ලොකු Files Download කරද්දි මගදි හරි සීයට දශම ගනනක් තියද්දි Download එක නවතින එක. මමත් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න බැරුව ඉන්නකොට මතක් උනේ Dropbox එකට Files Download කරගත්තනම් එතනින් අවුලක් නැතුව ඒ Files Download කරගන්න පුලුවන්නේද කියල ඒත් කොහොමද  Dropbox එකට Files Download කරගන්නෙ? . ඒ ප්‍රශ්නය මම Techකතා  Google Group එකෙන් ඇහුව.පස්සෙ උත්තරයක් දීල තිබුණ. ඒක තමයි URLDroplet මේකෙන් පුලුවන් ඕනම  එකක Download එක දිල File එක Dropbox එකට Download කරගන්න.

ප්‍රශ්නයක් ඇතිවුනොත් අහන්න නැත්නම් Google Search කරන්න.

Friday, March 30, 2012

FL Studio 6.0 වීඩියො පාඩම්

අදනම් මම මගෙන් කිසිම උත්සාහයක් ‍නැතුව අනුන්ගෙම දෙයක් දාන්න යන්නෙ. මම අනුන්ගෙ එකක් ආන්න නිදහසට කරුනුත් එපාය. ඇත්තටම කියනවනම් මම FL Studio 10.0 ටොරන්ට් වලින් ක්රැක් එකකුත් එක්ක බාගෙන  මගේ සංගීතය ගැන තිබුනු පොඩ් දැනුමින් සංගීත ප්‍රස්ථාර ටිකක් හොයාගෙ ඒව FL Studio 10.0 එනක් වාදනය කරන්න ගන්න හැදුව වැඩේ අල හරිගියේ නෑ. යූටියුබ් එකේ බැලුව ඒවයෙ ඉංර්‍ගීසියෙන් උගන්නන ඒව අන්ඩර දෙමළ වගේ. නේට් එකේ දන්න සෙල්ලම් සේරම දාලා හෙවුව. මාස ගානක් හෙව්ව  හැමතැනම හොයල වැඩේ දමල ගහල ඉදිද්දි කනාවට වගේ මගේ වාසනාවට මේ ලින්ක් එක ලැබුන. හැබැයි හිනා යන වැඩේ තමයි ‍බැලින්නම් මේකත් තියෙන්නෙ යූටියුබ් එකේ.
අම්මපා... මම අව්වර හොයලත් යූටියුබ් එකේ මේක හොයාන්න බැරි උනානෙ. මම කාපු කට්ට කන්න වෙන කෙනෙක්ට නොවේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් එහෙම කට්ට කාලා වැඩේ දමල ගහපු අය ඉන්න වනම් මෙන්න ලින්ක් එක
හැබැයි මුලින් කියුව වගේ මේකට මගෙන් වැටුනෙ දාඩිය බින්දුවක් දෙකක් විතරයි ඒකත් ටයිප් කරද්දි හී...හී...