Powered By Blogger
Showing posts with label කවලම්. Show all posts
Showing posts with label කවලම්. Show all posts

Friday, April 19, 2013

ලෝක යුධ ශක්තියේ ටොප්10


මේ දවස්වල තුන්වන ලෝක යුද්ධයක් ගැන කතාවෙනවනෙ. ගොඩක් කට්ටික් කියනව ඇමරිකාවට පාඩමක් ඉගනගන්නත් එක්ක උතුරු කොරියාව ඇමරිකාවට ගහනවනම් හොදයි කියල, තව කට්ටික් කියනව ඇමරිකාව උතුරු කොරියාවට ගහවි කියල. ඒ අතරෙ තවත් අය තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නව. කවුරු ගැහුවොත්ද හොද කියල ලෝක යුධ ශක්තියේ ආයුධ සහ පිරිස් බලයෙන් ශක්තිමත්ම දහදෙනා දැන ගත්තට පස්සෙ හිතල බලන්න.

දහ වෙනිය - ඊස්රායලය















ජන ගහනය මිලියන - 7.5
සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 187,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 565,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 12,552
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,964
යුධ නැවු ප්‍රමාණය - 64
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන- 12

නව වෙනිය - ජපානය















ජන ගහනය මිලියන - 126
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 239,430
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 60,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 5,220
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,953
යුධ නැවු ප්‍රමාණය - 110
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 70

අට වෙනිය - ප්‍රංශය













ජන ගහනය මිලියන - 65
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 362,485
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 410,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 10,621
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1757
යුධ නැවු ප්‍රමාණය - 289
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 50


හත් වෙනිය - උතුරු කොරියාව

 














ජන ගහනය මිලියන - 50
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 653,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 3,000.200
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 13,361
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,568
යුධ නැවු ප්‍රමාණය - 170
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 26.55


හය වෙනිය - තුර්කිය














ජන ගහනය මිලියන - 80
දැනට සේවයේ යෙදී සිටින සහ අතිරේක සෙබලුන් ප්‍රමාණය - 1,000,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 60,744
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1940
යුධ නැවු ප්‍රමාණය - 265
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 25


පස් වෙනිය - එංගලන්තය

 














ජන ගහනය මිලියන - 63
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 224,500
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 187,130
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 11,630
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,663
යුධ නැවු ප්‍රමාණය - 99
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 74


හතර වෙනිය - ඉන්දියාව

 














ජන ගහනය බිලියන - 1.19
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - මිලියන 1.325
අතිරේක සෙබලුන් ප්‍රමාණය - මිලියන 1.747
ගොඩබිම් ආයුධ ප්‍රමාණය -
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 2,462
යුධ නැවු ප්‍රමාණය - 175
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 36

තුන් වෙනිය - චීනය














ජන ගහනය බිලියන - 1.33
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 2,285,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 800,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 47,575
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 5,176
යුධ නැවු ප්‍රමාණය - 972
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 100

දෙවනිය - රුසියාව

 













ජන ගහනය මිලියන - 138
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 1,000,200
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 754,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 91,715
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 2,749
යුධ නැවු ප්‍රමාණය - 233
 වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 56

පලමු වෙනිය - ඇමරිකාව
















ජන ගහනය මිලියන - 313
දැනට සේවයේ යෙදී සිටින සහ අතිරේක සෙබලුන් ප්‍රමාණය - 1,000,500
අතිරේක සෙබලුන් ප්‍රමාණය -
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 56,269
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 18,234
යුධ නැවු ප්‍රමාණය - 2,384
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 692

දැන් මොකද හිතෙන්නෙ?

Tuesday, August 14, 2012

URL Droplet ගැන දන්නවද?


Data Unlimited නැති අයට තියන ප්‍රශ්නයක් තමයි ලොකු Files Download කරද්දි මගදි හරි සීයට දශම ගනනක් තියද්දි Download එක නවතින එක. මමත් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න බැරුව ඉන්නකොට මතක් උනේ Dropbox එකට Files Download කරගත්තනම් එතනින් අවුලක් නැතුව ඒ Files Download කරගන්න පුලුවන්නේද කියල ඒත් කොහොමද  Dropbox එකට Files Download කරගන්නෙ? . ඒ ප්‍රශ්නය මම Techකතා  Google Group එකෙන් ඇහුව.පස්සෙ උත්තරයක් දීල තිබුණ. ඒක තමයි URLDroplet මේකෙන් පුලුවන් ඕනම  එකක Download එක දිල File එක Dropbox එකට Download කරගන්න.

ප්‍රශ්නයක් ඇතිවුනොත් අහන්න නැත්නම් Google Search කරන්න.

Friday, March 30, 2012

FL Studio 6.0 වීඩියො පාඩම්

අදනම් මම මගෙන් කිසිම උත්සාහයක් ‍නැතුව අනුන්ගෙම දෙයක් දාන්න යන්නෙ. මම අනුන්ගෙ එකක් ආන්න නිදහසට කරුනුත් එපාය. ඇත්තටම කියනවනම් මම FL Studio 10.0 ටොරන්ට් වලින් ක්රැක් එකකුත් එක්ක බාගෙන  මගේ සංගීතය ගැන තිබුනු පොඩ් දැනුමින් සංගීත ප්‍රස්ථාර ටිකක් හොයාගෙ ඒව FL Studio 10.0 එනක් වාදනය කරන්න ගන්න හැදුව වැඩේ අල හරිගියේ නෑ. යූටියුබ් එකේ බැලුව ඒවයෙ ඉංර්‍ගීසියෙන් උගන්නන ඒව අන්ඩර දෙමළ වගේ. නේට් එකේ දන්න සෙල්ලම් සේරම දාලා හෙවුව. මාස ගානක් හෙව්ව  හැමතැනම හොයල වැඩේ දමල ගහල ඉදිද්දි කනාවට වගේ මගේ වාසනාවට මේ ලින්ක් එක ලැබුන. හැබැයි හිනා යන වැඩේ තමයි ‍බැලින්නම් මේකත් තියෙන්නෙ යූටියුබ් එකේ.
අම්මපා... මම අව්වර හොයලත් යූටියුබ් එකේ මේක හොයාන්න බැරි උනානෙ. මම කාපු කට්ට කන්න වෙන කෙනෙක්ට නොවේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් එහෙම කට්ට කාලා වැඩේ දමල ගහපු අය ඉන්න වනම් මෙන්න ලින්ක් එක
හැබැයි මුලින් කියුව වගේ මේකට මගෙන් වැටුනෙ දාඩිය බින්දුවක් දෙකක් විතරයි ඒකත් ටයිප් කරද්දි හී...හී...

Monday, April 4, 2011

රටවල් ගැන විස්තර















එක එක රටවල් ගැන විස්තර දැනගන්න කැමතිද? ඔන්න එහෙම කැමැත්තක් තියන අයට වැදග්වෙයි  මම රටවල් ගැන විස්තර දැනගන්න Google search කරල කරල එපාවෙලා ඉදිද්දි අහම්බෙන් වගේ තමයි මේක හම්බ උනේ. මේ සයිට් එක BBC යට අයිති එකක් BBC Country Profiles . හැබැයි ඉතිං BBC යට වාසි වෙන විදියට තමයි විස්තරනම් දාලා තියෙන්නෙ ඒක නිසා තාර බර එහෙම ඇරල තමයි ගන්න වෙන්නෙ. මේකෙ මම දැකපු හොදම දේ තමයි හැම රට ගැනම අතීතයේ ඉදල වර්තමානයටම වෙනකම් Timeline එකක් තියන එක.

Friday, January 28, 2011

කුතුහලයට විසදුමක්







එක එක දේවල් වැඩකරන්නෙ කොහෙමද කියල කුතුහලයක් තියන අයට පොඩි උදව්වක් කරන්නයි අද හදන්නෙ. අන්නව නේද ඩිස්කවරි චැනල් එක මේ සයිටි එකත් ඒ ආයතනයටම අයිත් එකක්.එක එක මාතෘකා වලට අයිති දේවල් වෙන ‍වෙන වෙනම බෙදල ක්‍රමානුකූලව ඉදිරිපත් කරල තියනව. හැබැයි ලිපි ලියල තියන ක්‍රමයන් ටිකක් සංකීර්නයි ඒත් උනන්දුවෙන් කියෙවුවොත් තේරුම් ගන්න ලේසියෙන්ම පුලුවන් සයිට් එක තමයි Howstuffworks.com

තවදෙයක් තියනව කියන්න මගේ චැට් රූම් එක තමන්ගෙ සයිට් එකට එම්බෙට් කරගන්න කැමති අය ඉන්න වනම් එම්බෙට් කරගන්න එතකොට ගොඩක් අයට චැට් රූම් එකෙන් චැට් කරන්න පුලුවන්. කොහොමත් සිංහල බ්ලොර් සයිට් එකේ බ්ලොග්ස් ගෙඩක් තිබුනත් චැට් රූම් තියන බ්ලොග්ස් අඩුයිනෙ. හරි එහෙනම් කැමති කෙනෙක් ඉන්නවනම් එම්බෙට් කරගන්න.

Tuesday, January 25, 2011

ඉංග්‍රීසි ඉගනගන්න

ඉංග්‍රීසි ඉගනගන්න කැමති, ඉංග්‍රීසි ගැන සාමාන්‍ය දැනුමක් තියන අයට මෙන්න නියම සයිට් එකක් manythings.org ගිහින්ම බලන්න හරි පුයොජනවත්.

Saturday, January 8, 2011

අලුත් වැඩක්















අලුත් වැඩක් කරන්න ඕන කියල මට හිතුන. අලුත්මත් නැහැ හැබැයි මමනම් මීට කලින් කරල නැහැ,  ඒක තමයි මේ බ්ලොග් සින්ඩිකේටරයට එන අයට තියන ප්‍රශ්න වලට උත්තර දෙන එක. හැබැයි ඉතින් ප්‍රශ්න කියුවට හැම ප්‍රශ්නයකටම නෙවේ, මම දන්න දේවල් වලට අදාල ප්‍රශ්න වලට තමයි මම උත්තර දෙන්නෙ. කට හඩෙන් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න වලට පොඩ්කාස්ට් එකකින් උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනව. මම දන්නෙ මොනව ගැනද කියලත් ඉතිං කියන්න ඕනනෙ. පරිගනක ගැනනම් ගොඩක්දේවල් දන්නව ඒකට අදාල ප්‍රශ්න වලට නම් පහසුවෙන්ම උත්තර දෙන්න පුලුවන්. හැබැයි ඉතිං බ්ලොග් කරන අයටනම් පරිගනක ගැන ප්‍රශ්න නැහැනෙ ඒ හින්ද ඒ අයටනම් මේ වැඩෙන් වැඩක් නැතිවෙයි. ඒත් බ්ලොග් කියවන්න විතරක් බ්ලොග් සින්ඩිකේටරයට එන අයටනම්  පරිගනක ගැන ප්‍රශ්න ඇතිනෙ ඔන්න ඒ අයටයි මේක කරන්නෙ. ප්‍රතිචාර වල හැටියට තමයි වැඩෙ කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ.

Saturday, November 6, 2010

චීන මහා ප්‍රාකාරය-2 කොටස


චීන මහා ප්‍රාකාරය ගැන ලියන ලිපිපෙලේ අද දෙවන කොටස. චීන මහා ප්‍රාකාරය-1 කොටස නොබලපු අය ඒක බලල එන්න. චීන මහා  ප්‍රාකාරය පටන් අරගෙන තියෙන්නෙ කුයින් රාජ වංශයේ කියල තමයි කියන්නෙ.
 මේ ඉන්නෙ චීන අධිරාජයෙක්.
















ක්‍රි.පූ 221 දී කුයින් ෂී හුවාන්ග් අධිරාජයා සතුරු ප්‍රාන්ත සියල්ලම යුද්ධ කරල යටත් කරල චීනය එක්සේසත් කරල තියනව. ඊට පස්සෙ තමයි කුයින් රාජ වංශය පටන් අරගෙන තියෙන්නෙ. මධ්යම රජයෙන් පාලනය කරගෙන යන්නත් වැඩවසම් ක්‍රම නැවතත් ඇතිවීම වලක්වන්නත් ප්‍රාන්ත වටේට හදල තිබුනු ප්‍රාකාර කඩන්න ඕන කියල අධිරාජයාට තේරුම් ගිහිල්ල තියනව. වගේම දේශ සීමාව ආරක්ෂා කරගන්න අලුත් ප්‍රාකාරයක් හදන්නත් තීරනය කරල තියනව. 
චීනයේ උතුරු පැත්තෙ හිටිය ෂියොංනු කියන පැරණි ගෝත්‍රිකයින්ගෙන් හැම තිස්සේම උතුරු දේශ සීමාවට පහරදෙන්න පටන් අරගෙන. මේ හේතුව නිසා උතුරු සීමාව යා කරල ප්‍රාකාරයක් හදන්න අත්‍යාවශ්‍ය වෙලා තියනව.
මෙන්න උතුරු සීමාවෙ ප්‍රාකාරය.
 















ඒත් මේක හදන්න අවශ්‍ය දේවල් හදන තැනට ගෙනියන එකනම් ලේසි වෙලා නැහැ ඒක නිසා අවට තිබුනු දේවල් යොදාගෙනමයි හදල තියෙන්නෙ. කඳු හරහා හදාගෙන යද්දි අරගෙන තියෙන්වෙ ගල් වර්ග. මිටියාවත් වලදි මැටි යොදාගෙන තමයි ගොඩ නගල තියෙන්නෙ. හැබැයි කුයින් රාජ වංශය තිබුනු කාලෙ කොපමණ දුරකට ප්‍රාකාරය හදල තියනවද කියලනම් හොයාගන්න බැරිලු.පරණ ප්‍රාකාර අවුරුදු සිය ගණනක් විනාශවෙමින් තිබිල.
මෙන්න මේ වගේ.




















නිසා අද ඉතුරුවෙලා තියෙන්නෙ ටිකක් විතරයි. හැන්,සුයි,ජින් වගේ රාජ වංශය කාලෙන් කාලෙට අලුත්වැඩියා කරමින් හෝ නැවතත ගොඩනගමින් මේක රැකගන්න විශාල ධනයක් යොදවල තියෙන්නෙ ඔවුන්ගේම ආරක්ෂාවට තමයි.
ෂියොංනු ගෝත්‍රිකයින් දිගටම දේශ සීමාවට පහරදෙන්න වෙලා. කොපමනද කියනවනම් හැන් රාජ වංශය චීනය පාලනය කරන කාලයේ හැන් වූ ඩි රජු ඔවුනුත් එක්ක සටන් කරන්න ක්‍රි.පූ 127,121,119 යන වසර වල හමුදා කන්ඩායම් තුනක් යොදවන්න වෙලා තියනව. සටන් වලින් පැරදුනු ගෝත්රිකයින් ගෝබි කාන්තාරයට පලවාහැරල තියනව. රටවල් දෙක අතර තිබුනු හෙක්සි නම් බිම් තිරුවත් ෂින්ජියක්ග්  ප්‍රදේශයත් ආරක්ෂා කරගන්න ප්‍රාකාරය දික් කරන්න රජු අණ කරල තියනව.
දැනට බෙයිජිං වල තියන චීන මහා ප්‍රාකාරය හදල තියෙන්නෙ මිං රාජ වංශය චීනය පාලනය කරන කාලෙ(1368-1644). මේ කාලෙ හදන්න යොදාගෙන තියෙන්නෙ ගඩොල්,කලුගල් වගේ දේවල්.
බෙයිජිං වල ප්‍රාකාරය













වගේම විවිධ මෝස්තර හා ආරක්ෂක උපක්‍රමත් යොදාගෙන තියනව. උතුරු පැත්තෙ බලය වැඩි කරන්න ප්‍රාකාරය කොටස් නවයකට බෙදල ස්හෙන් කියල මූලසස්ථානයක් හරහා පාලනය කරල තියනව
චීන මහා ප්‍රාකාරය 2 කොටස ඉවරයි. තව දේවල් තියනව ලියන්න.