Powered By Blogger
Showing posts with label විනෝදාත්මක. Show all posts
Showing posts with label විනෝදාත්මක. Show all posts

Friday, March 30, 2012

FL Studio 6.0 වීඩියො පාඩම්

අදනම් මම මගෙන් කිසිම උත්සාහයක් ‍නැතුව අනුන්ගෙම දෙයක් දාන්න යන්නෙ. මම අනුන්ගෙ එකක් ආන්න නිදහසට කරුනුත් එපාය. ඇත්තටම කියනවනම් මම FL Studio 10.0 ටොරන්ට් වලින් ක්රැක් එකකුත් එක්ක බාගෙන  මගේ සංගීතය ගැන තිබුනු පොඩ් දැනුමින් සංගීත ප්‍රස්ථාර ටිකක් හොයාගෙ ඒව FL Studio 10.0 එනක් වාදනය කරන්න ගන්න හැදුව වැඩේ අල හරිගියේ නෑ. යූටියුබ් එකේ බැලුව ඒවයෙ ඉංර්‍ගීසියෙන් උගන්නන ඒව අන්ඩර දෙමළ වගේ. නේට් එකේ දන්න සෙල්ලම් සේරම දාලා හෙවුව. මාස ගානක් හෙව්ව  හැමතැනම හොයල වැඩේ දමල ගහල ඉදිද්දි කනාවට වගේ මගේ වාසනාවට මේ ලින්ක් එක ලැබුන. හැබැයි හිනා යන වැඩේ තමයි ‍බැලින්නම් මේකත් තියෙන්නෙ යූටියුබ් එකේ.
අම්මපා... මම අව්වර හොයලත් යූටියුබ් එකේ මේක හොයාන්න බැරි උනානෙ. මම කාපු කට්ට කන්න වෙන කෙනෙක්ට නොවේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් එහෙම කට්ට කාලා වැඩේ දමල ගහපු අය ඉන්න වනම් මෙන්න ලින්ක් එක
හැබැයි මුලින් කියුව වගේ මේකට මගෙන් වැටුනෙ දාඩිය බින්දුවක් දෙකක් විතරයි ඒකත් ටයිප් කරද්දි හී...හී...

Wednesday, August 10, 2011

ජූනෝ ගමන අරඔයි




















ජූනෝ අභ්‍යවකාශයානාව අගෝස්තු 5වන සිකුරාදා ෆ්ලොරිඩා වල කේප් කැනරවල් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ අභ්‍යවකා ගුවන්ගත කිරීමේ අංගනයෙ 41 කොටසින් Atlas V කියන ‍රොකට් එකේ අධාරයෙන් අභ්‍යවකාශයට යවන අවස්ථාව තමයි මේ පේන්න තියෙන්නෙ.
ජූනෝ අවුරුදු පහක් බ්‍රහස්පතී දක්වා සැතපුම් මිලියන 400 ගිහින් ඒ ග්‍රහයා වටේ බ්‍රමණය වෙමින් ග්‍රහයා තුල සැකැස්ම,ගුරුත්වාකර්ශණ පරාසය,ජල තත්වය හා වායුගොලයේ ඇති ඇමෝනියා වායුව මැනගන්න,එහි ඇති වලවත් චුම්භක පරාසය ඒවගේම බුහස්පතී ග්‍රහයාගේ අධික දීප්තිමත් බව කියන මේ සියලු දේම හොයාගන්න බුහස්පතීගෙ ආරම්භය හා පරිණාමය ජූනෝට සවිකරල තියන උපකරණ අටකින් පරීක්ෂා කරල බලාවි.

Sunday, May 22, 2011

තරු බිහිවන රසායනගාරයක්







තරුණ අවදියෙ පවතින තරු සහ දූවිලි වලාවන් සහිත NGC 4214 කියන වාමන මන්දාකිනිය දිදුලන හැටි තමයි මේ පේන්න තියෙන්නෙ. පෘථිවියේ සිට ආලොක වර්ෂ කොටියක් විතර දුරින් දඩයම් බල්ලා (Canes Venatici) කියන තාරකා රාශියෙ තමයි මේ මන්දාකිනිය තියෙන්නෙ. හබල් දුරේක්ශයෙ Wide Field Camera 3 කියන ‍කොටසින් ගත්ත මේ පින්තූරෙ, තාරකා පරිණාමයේ විවිධ අවදීන් පෙන්නුම් කරන තාරකා වල එකතුවකින් යුන් මේ මන්දාකිනිය තරුවක් බිහිවන හැටි සහ පරිණාමය වෙන ආකාරය දැක්වෙ රසායනාගාරයක් විදියටයි තාරකාවිද්‍යඥයින් සලකන්නෙ.

Friday, May 20, 2011

අකුණු




















සිරස්තලය දැක්කම හිතෙනව ඇති ඒක වැරදිලා දාලද කියල, නෑ ඒක වැරදිලා නැහැ. මේ අකුණු ගහන දර්ශනය පෘථිවියෙ ඉදන් දැකපු එකක් නෙවෙයි.  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ කෙනෙක් වන Paolo Nespoli කියන ගගන ගාමිය තමයි බ්‍රසීලයට ඉහල අහසෙ මේ අකුණු ගහන දර්ශනය ‍2011 ජනවාරි වල ජායාරූප ගත කරල තියෙන්නෙ.

Wednesday, May 11, 2011

හාබර් සීල්


හාබර් සීල් (Harbor seal) හැඳුන්නුවත් මුන් ඉන්නෙනම් වරායවල් වල නම් නෙවයි. Common Seal කියලත් මුන්ට කියනව. මේ සතුන් හොඳින් පිහිනිය හැකි පත්තවල් වැනි ගාත්‍රා වලට උරුමකම් කියන ජව සම්පන්න, මාංශ භක්ෂකයින්. මුන් අඩි 6.5 විතර දිගයි වගේම පවුන්ඩ් 120 සිට 370 දක්වා බරව වැඩෙනව. පිරිමි සතා ගැහැනු සතාට වඩා විශාලයි. 
  සාමන්‍ය සීල්ගෙ කොට ලොම් ඇති හමේ කලු හෝ අලු පාට රටාවක් තියනව. ලෝකයේ වැඩියෙන්ම පැතිරී ඉන්න සීල් මත්‍යසයන් අතරෙ මේ සීල් මත්‍යසයත් ඉන්නව. මුන් දකුණු අතලාන්තික් වෙරළ තීරයේ, උතුරු පැසිපික් මුහුදේ සහ අර්ටික්, ඒ අවට ප්‍රදේශවල, (විශෙෂයෙන් උනුසුම් ප්‍රදේශ වල) වැඩිෙය දකින්න පුලුවන්. තව විස්තර මෙතනින් බලන්න.

ආහාර: මාලු,දැල්ලන්.

නිජභූමිය: උතුරු අත්ලානතික් හා උතුරු පැසිපික් වෙරල වල. මුහුදුබඩ දිවයින්,වෙරල,වැලි වැටි.

රක්ථ වර්ණ ඉබ්ස්


රක්ථ වර්ණ ඉබිස්-(Scarlet Ibis) කොක් කුලයට අයත් දකුණු ඇමරිකානු ජලජ කුරුල්ලෙක්. මුගේ ඇති තද රක්ථ වර්ණය නිසා තමයි වැඩි අවදානමක් දිනාගෙන ඉන්නෙ. මූට මේ පාට ලැබෙන්න හේතු උන් කෑමට ගන්න කූනිස්සන් සහ අනෙත් මාලු වර්ග වලින් කියලයි කියන්නෙ. පිරිමි සහ ගෑනු සතුන් දෙන්නම චර්ණයෙන් එකම සමානයි. උඩු කොටස අඳුරු දුඹුරු පාට හා යටිබඩ පැත්ත සුදු පාට ලබාල වයසෙ ඉබිස්ලගෙ රතු පාටින් ටිකක් අඩුයි. රක්ථ වර්ණ ඉබිස්ල වතුර ඇති තැන් වල කිට්ටුවෙන් පිහිටල තියන ගස්වල උන්ගෙ කූඩු වලින් පිරුනු විශාල ජනපද ගොඩනගා ගන්නව.

රක්ථ වර්ණ ඉබිස් ‍උගේ හොට මඩ ඇතුලට ඔබල කෑම හොයාගන්නව එමගේ උන්ගෙ හොටෙන් වතුර ‍එහාට මෙහාට හොලවල ගොදුරු හොයාගන්නත් උන් දන්නව. තව ෆොටෝ ටිකක් එහෙම බලන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න

ආහාර: කූනිස්සන්,කුඩා මාලු වර්ග, කුඩා කෘමීන්.

නිජභූමිය: දකුණු ඇමරිකාවෙ උතුරු ප්‍රදේශයෙ වගුරු බිම් හා මුහුදු බඩ ප්‍රදේශ වල සහ මධ්‍යම ඇමරිකාවෙ දකුණු ප්‍රදේශයෙ වගුරු ආශ්‍රිතව.

Tuesday, January 25, 2011

චැට් රූම් එකක්

ඔන්න මම මගේ බ්ලොග් එකට චැට් රූම් එකක් දැම්ම කැමති කෙනෙක් ඉන්නවනම් මගේ චැට් රූම් එකට එන්න.

Sunday, October 24, 2010

ඇමරිකානු ගෝනා
















සතෙක් ගැන යමක් තුලින් අද මම ඔඹට ඉදිරි පත් කරනනේ ඇමරිකානු ගෝනා පිලිබවයි.ඇමරිකානු ගෝනා සත්ව විද්‍යාත්මක නමින් කියුවොත් ඇල්සස් ඇමරිකනස් (Alces americanus.) තමයි මුව පවුලේ විශාලතම සාමාජිකය. මෙයාට විශාල බර ශරීරයක්, දිග පාද, ඒ වගේම දිගැටි මුහුණක්, නම්‍යශීලී උඩු තොලන් හා ලොකු නාසයකුත් තියනව. උගේ තියනවා උගුර ප්‍රදේශයේ සිට පහලට එල්ලෙන තැල්ලක්. මුන්ගේ ලෝම තද දුඹුරු පාටයි කලු පාටයි කියුවොත් වඩාත් නිවැරදියි. ඒත් මේ තද දුඹුරු පැහැය ශීත සෘතුවේදී ක්‍රමයෙන් මැකී යනව. පිරිමි සතුන්ගෙ වසන්ත කාලෙදි අං තට්ටු වැඩිල ශීත සෘතුවේදී හැලිල යනව. දන්නවද? මේ ගෝන්නුන්ට තමයි සත්ව ලෝකයේ විශාලම අං තට්ටු තියෙන්නෙ.

    සාමන්‍යයෙන් ගෝනුනු උණුසුම් මාස වල හුදකලාවයි ජීවත් වෙන්නෙ ඒත් ශීත සෘතුවේදී කුඩා කන්ඩායම් ගොඩනගා ගන්නව. මුන් අලුයම් හා සන්ධ්‍යා කාලවල වැඩිපුර ක්‍රියාශීලීයි. ගෝනුන් එක් ප්‍රදේශයකටම වගේ සීමාවෙනව ජලය තිබෙන ප්‍රදේශ වල වැඩිවශයෙන් දැකගත හැකියි. උන්ගේ ප්‍රදේශයට ඇතුල් වෙන මිනිසුන්ට, සතුන්ට මුන් පහර දෙනව.

  මොවුන්ට දක්ෂ ලෙස පිහිනීමේ හැකියාව තියනවා. මෙයලා මීටර් 4ක් ට (අඩි 14ක්)  වඩා වතුර යටට කිමිදෙනවලු ජලජ පැලෑටි හොයාගෙන ආහාර සහා. මෙම ජලජ පැලෑටි වලින් සිරැරට අවශ්‍ය වන ලවන හා ඛනිජ ද්‍රව්‍ය ලබාගන්නව.

ඇමරිකානු ගෝන්න් පිලිබ තවත් තොරතුරු කිහිපයක් මේ:

බර: කිලෝග්රෑම් 270-600  අතර.
ආහාර: උලා කෑමෙන් ආහාර ලබාගනී, තණකොල,පාසි වර්ග,ජලජ ශාක ආහාරට ගනී.
අභිජනන සමය: සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර.
ගර්භණී කාලය: මාස 8යි.
ආයුකාලය: අවුරැදු 8 සිට 12 දක්වා (වැඩිවිය හැක)

වාසස්ථාන:
විල්,වගුරු බිම්,ගංා ආශ්‍රිත මිටියාවත් හා පතන වැනි කැලෑ ප්‍රදේශ වල. මොවුන් බ්‍රිටිශ් කොලොම්බියා සහ ඇල්බර්ටා ප්‍රදේශයේ, කැනඩාව, කොලරාඩෝ දකුණු හා උතුරැ ප්‍රදේශවල පැතිරපවතී.
තවත් දවසක සතෙක් ගැන යමක් සමග හමුවෙමු. 

Tuesday, October 19, 2010

ෆෝන් එකෙන් වීඩියෝ බලන්න ෆ්‍රී කන්වර්ටර් එකක්












ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදියට වීඩියෝ කන්වර්ට් කරගන්න ගියාම කරදර වෙන අයට නියම ෆ්‍රී ටූල් එකක් මේක. කට්ටිය මේක ගැන දන්නවද දන්නෙත් නෑ, නොදන්න අයත් ඇතිනෙ,ඒක නිසා දානව. මේ ටූල් එකේ තියන එකම ප්‍රෂ්නෙ තමයි වීඩියෝ කන්වර්ට් කරාට පස්සෙ ප්‍රොෆෙෂනල් වර්ෂන් එකට අප්ග්‍රෙට් කරන්න අහන එක තමයි. ඒත් මේ වර්ෂන් එක සම්පූර්නයෙන්ම ‍ෆ්‍රී. අරගෙනම බලන්න මෙන්න ලින්ක් එක
Anyvideoconverter(ලින්ක් එකෙන් ගිහින් ෆ්‍රී කන්වර්ටර් එක තෝරල ඩවුන්ලෝඩ් කර ගන්න)
තවත් දවසක  තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාන්න.