Powered By Blogger
Showing posts with label නාසා පින්තූර. Show all posts
Showing posts with label නාසා පින්තූර. Show all posts

Tuesday, October 2, 2012

මණ්දාකිනි පොකුරක ඝට්ඨනයක්


මේ ජායාරූපයෙන් දැක්වෙන්නෙ Abell 520 මණ්දාකිනි පොකුර ඇතුලෙ දැවැන්ත මණ්දාකිනි පොකුරුවල දරුණු ගට්ඨන නිසා ඇතිවුනු  අදුරු පදාර්ත ,මණ්දාකිනි, උනුසුම් වායු පැතිරී තියන ආකාරය.

Monday, October 1, 2012

තරු බිහිවන ප්‍රධාන ප්‍රදේෂයක්


30 Doradus නිහාරිකාවෙ තුල තියන වසර මිලියන කිහිපයක් පමනක් වයස තරුණ තාරකා සමූහයක් වන R136 තමයි මේ තියෙන්නෙ. අපගේ ක්ෂීරපථයේ කිසිම ප්‍රදේෂයක 30 Doradus නිහාරිකාවෙ තරම් විශාල වශයෙන් තරු බිහිවන තැනක් නැතිලු.

Sunday, September 30, 2012

අභ්‍යවකාශ යානයක හැඩය ගත් මණ්දාකියක්


හබල් දුරදක්නයෙන් හසුකරගත් මේ ජායාරූපයේ දැක්වෙන NGC 2683 නමින් හදුන්වන මණදාකිනි‍ෙය් හැඩය හරියට චිද්‍ය ප්‍රබන්ද වල කියැවෙ  අභ්‍යවකාශ යානයක හැඩයක් වගේ නේද?

Saturday, September 29, 2012

ඔරායන් නිහාරිකාව

අපට ආලෝක වර්ෂ 1,500ක් ඇතින් පිහිටා තිබෙන ඔරායන් නිහාරිකාව තමයි මේ. හයිඩ්රජන් හා සල්ෆර් වායු තියන ප්‍රදේෂ තමයි කොළ පාටට තියෙන්නෙ. රතු සහ තැබිලි පාට කාබන් අණු වැඩි ප්‍රදේෂ. ලදරු තාරු තමයි ඔය කහ පාට තිත් වගේ පේන්න තියෙන්නෙ.




Friday, September 28, 2012

අභ්‍යවකාශයේ ඉදල ඩුබායි දකිමු..!


Expedition 30 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගත්ත මේ ජායාරූපයේ දැක්වෙන්නෙ තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අභ්‍යවකාශයට පෙකනන හැටි. වැඩිපුරම ආලෝකය පේන්නෙ පුධාන හෝටල් හා ගොඩනැගිලි තියන පුදේෂ

Thursday, September 27, 2012

Cygnus Loop නිහාරිකාව


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,500 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ නෙහාරිකා නිර්මාණය වෙලා තියෙන්නෙ චසර පන්දාහත් අටදාහකටත් අතර කාලයකට පෙර සිදුවුනු දැවැන්ත සුපර්නොවා පිපිරුමකින්.

Wednesday, September 26, 2012

පැක්මෑන් නිහාරිකාව










පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9,200 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ  NGC 281 කියන තරු පොකුර  හදුන්වන්නෙ  පැක්මෑන් නෙහාරිකාව  නමින්.

Tuesday, September 25, 2012

චන්ද්‍රයන් පස් දෙනෙක්



සෙනසුරු ග්‍රහයා එයට අයිති උප ග්‍රහයින් ප පස් දෙනෙක් එකම දර්ශනයක දැක්වෙන මේ ජායාරූපය ජුලි.29, 2011 දිනයෙ තියෙන්නෙ කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් එකක්.

Monday, September 24, 2012

හිරු බැසයාම



ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල බලද්දි හිරු බැසයන හැටි මෙහෙම තමයි පේන්නෙ. 09.16, 2001 දින Expedition 3 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල මේ ජායාරූපය අරගෙන තියෙන්නෙ.

Thursday, September 13, 2012

උප මණ්දාකි දැකල තියනවද?


මේ තියෙන්නෙ පෘථිවියේ සිට අලෝක වර්ෂ 160,000 ක් දුරින් පිහිටා ඇති ක්ෂීරපතයට අයත් උප මණ්දාකියක්. මේ පින්තූරයේ තියන අකාරයෙ මණ්දාකි හදුන්වන්නෙ Large Magellanic Cloud නැත්නම් (LMC) කියල.

Wednesday, September 12, 2012

තොටිල්ල පදවන අත ඉර අල්ලයි?














Expedition 32  කන්ඩායමෙහි පියාසැරි ඉන්ජිනේරු (Flight Engineer) නාසා ගගනගාමී ඇත්තටම කියුවොත් ගගනගාමිනියක් වන සුනීතා විලියම්ස්  (මුල්නම Sunita Pandya Krishna) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිර ක්‍රියාකාරකමකට එක්වුනු අවස්ථාවක ඉර ඇල්ලූ අවස්ථාවයි මේ. වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගතකල (Spacewallk) කාන්තාව වේන්නෙත් මෙයාම තමයි.

Tuesday, September 11, 2012

ටයිටන්


සෙනරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් සෙනනුරු හරහා ගමන් කරන ආකාරයයි මේ තියෙන්නෙ.  ටයිටන් වන්ද්‍රයාට සැතපුම් 483,000 පමණ දුරක ගමන්කල කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් මේ ජායාරූපයේ පික්සල් එකකට සැතපුම් 29ක් අඩංගු වෙනව.

Monday, September 10, 2012

අයිසැක්



















NOAA's GOES-13 චන්ද්‍රිකාවෙන් ගත්තු නිවර්තන සුලි කුනාටුක් වන අයිසැක් හි ජායාරූපයක් තමයි මේ තියෙන්නෙ.

Wednesday, August 10, 2011

ජූනෝ ගමන අරඔයි




















ජූනෝ අභ්‍යවකාශයානාව අගෝස්තු 5වන සිකුරාදා ෆ්ලොරිඩා වල කේප් කැනරවල් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ අභ්‍යවකා ගුවන්ගත කිරීමේ අංගනයෙ 41 කොටසින් Atlas V කියන ‍රොකට් එකේ අධාරයෙන් අභ්‍යවකාශයට යවන අවස්ථාව තමයි මේ පේන්න තියෙන්නෙ.
ජූනෝ අවුරුදු පහක් බ්‍රහස්පතී දක්වා සැතපුම් මිලියන 400 ගිහින් ඒ ග්‍රහයා වටේ බ්‍රමණය වෙමින් ග්‍රහයා තුල සැකැස්ම,ගුරුත්වාකර්ශණ පරාසය,ජල තත්වය හා වායුගොලයේ ඇති ඇමෝනියා වායුව මැනගන්න,එහි ඇති වලවත් චුම්භක පරාසය ඒවගේම බුහස්පතී ග්‍රහයාගේ අධික දීප්තිමත් බව කියන මේ සියලු දේම හොයාගන්න බුහස්පතීගෙ ආරම්භය හා පරිණාමය ජූනෝට සවිකරල තියන උපකරණ අටකින් පරීක්ෂා කරල බලාවි.

Sunday, May 22, 2011

තරු බිහිවන රසායනගාරයක්







තරුණ අවදියෙ පවතින තරු සහ දූවිලි වලාවන් සහිත NGC 4214 කියන වාමන මන්දාකිනිය දිදුලන හැටි තමයි මේ පේන්න තියෙන්නෙ. පෘථිවියේ සිට ආලොක වර්ෂ කොටියක් විතර දුරින් දඩයම් බල්ලා (Canes Venatici) කියන තාරකා රාශියෙ තමයි මේ මන්දාකිනිය තියෙන්නෙ. හබල් දුරේක්ශයෙ Wide Field Camera 3 කියන ‍කොටසින් ගත්ත මේ පින්තූරෙ, තාරකා පරිණාමයේ විවිධ අවදීන් පෙන්නුම් කරන තාරකා වල එකතුවකින් යුන් මේ මන්දාකිනිය තරුවක් බිහිවන හැටි සහ පරිණාමය වෙන ආකාරය දැක්වෙ රසායනාගාරයක් විදියටයි තාරකාවිද්‍යඥයින් සලකන්නෙ.

Friday, May 20, 2011

අකුණු




















සිරස්තලය දැක්කම හිතෙනව ඇති ඒක වැරදිලා දාලද කියල, නෑ ඒක වැරදිලා නැහැ. මේ අකුණු ගහන දර්ශනය පෘථිවියෙ ඉදන් දැකපු එකක් නෙවෙයි.  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ කෙනෙක් වන Paolo Nespoli කියන ගගන ගාමිය තමයි බ්‍රසීලයට ඉහල අහසෙ මේ අකුණු ගහන දර්ශනය ‍2011 ජනවාරි වල ජායාරූප ගත කරල තියෙන්නෙ.

Wednesday, April 6, 2011

සම්බන්දය

















ඩිස්කවරි ෂටලය හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කොටසක් වන කැනඩාවට අයත් Special Purpose Dextrous Manipulator යන නමින් හදුන්වන තවත් කොටසක් එකට සම්බන්ද වෙලා තියන හැටි මේකෙ පෙනෙනව . මේ ඡායාරූපය අරගෙන තියෙන්නෙ ලෝක අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින STS-133 නම් අගනගාමී කන්ඩායමේ කෙනෙක්. බලන්න අවකාශයේ අදුර අතරින් අපේ පෘථිවියෙ කොටසක් ඡායාරූපයේ ඉහලින් පෙනෙන හැටි.