Powered By Blogger
Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Tuesday, October 2, 2012

මණ්දාකිනි පොකුරක ඝට්ඨනයක්


මේ ජායාරූපයෙන් දැක්වෙන්නෙ Abell 520 මණ්දාකිනි පොකුර ඇතුලෙ දැවැන්ත මණ්දාකිනි පොකුරුවල දරුණු ගට්ඨන නිසා ඇතිවුනු  අදුරු පදාර්ත ,මණ්දාකිනි, උනුසුම් වායු පැතිරී තියන ආකාරය.

Monday, October 1, 2012

තරු බිහිවන ප්‍රධාන ප්‍රදේෂයක්


30 Doradus නිහාරිකාවෙ තුල තියන වසර මිලියන කිහිපයක් පමනක් වයස තරුණ තාරකා සමූහයක් වන R136 තමයි මේ තියෙන්නෙ. අපගේ ක්ෂීරපථයේ කිසිම ප්‍රදේෂයක 30 Doradus නිහාරිකාවෙ තරම් විශාල වශයෙන් තරු බිහිවන තැනක් නැතිලු.

Sunday, September 30, 2012

අභ්‍යවකාශ යානයක හැඩය ගත් මණ්දාකියක්


හබල් දුරදක්නයෙන් හසුකරගත් මේ ජායාරූපයේ දැක්වෙන NGC 2683 නමින් හදුන්වන මණදාකිනි‍ෙය් හැඩය හරියට චිද්‍ය ප්‍රබන්ද වල කියැවෙ  අභ්‍යවකාශ යානයක හැඩයක් වගේ නේද?

Saturday, September 29, 2012

ඔරායන් නිහාරිකාව

අපට ආලෝක වර්ෂ 1,500ක් ඇතින් පිහිටා තිබෙන ඔරායන් නිහාරිකාව තමයි මේ. හයිඩ්රජන් හා සල්ෆර් වායු තියන ප්‍රදේෂ තමයි කොළ පාටට තියෙන්නෙ. රතු සහ තැබිලි පාට කාබන් අණු වැඩි ප්‍රදේෂ. ලදරු තාරු තමයි ඔය කහ පාට තිත් වගේ පේන්න තියෙන්නෙ.




Friday, September 28, 2012

අභ්‍යවකාශයේ ඉදල ඩුබායි දකිමු..!


Expedition 30 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගත්ත මේ ජායාරූපයේ දැක්වෙන්නෙ තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අභ්‍යවකාශයට පෙකනන හැටි. වැඩිපුරම ආලෝකය පේන්නෙ පුධාන හෝටල් හා ගොඩනැගිලි තියන පුදේෂ

Thursday, September 27, 2012

Cygnus Loop නිහාරිකාව


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,500 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ නෙහාරිකා නිර්මාණය වෙලා තියෙන්නෙ චසර පන්දාහත් අටදාහකටත් අතර කාලයකට පෙර සිදුවුනු දැවැන්ත සුපර්නොවා පිපිරුමකින්.

Wednesday, September 26, 2012

පැක්මෑන් නිහාරිකාව










පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9,200 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ  NGC 281 කියන තරු පොකුර  හදුන්වන්නෙ  පැක්මෑන් නෙහාරිකාව  නමින්.

Tuesday, September 25, 2012

චන්ද්‍රයන් පස් දෙනෙක්



සෙනසුරු ග්‍රහයා එයට අයිති උප ග්‍රහයින් ප පස් දෙනෙක් එකම දර්ශනයක දැක්වෙන මේ ජායාරූපය ජුලි.29, 2011 දිනයෙ තියෙන්නෙ කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් එකක්.

Monday, September 24, 2012

හිරු බැසයාම



ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල බලද්දි හිරු බැසයන හැටි මෙහෙම තමයි පේන්නෙ. 09.16, 2001 දින Expedition 3 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල මේ ජායාරූපය අරගෙන තියෙන්නෙ.

Tuesday, August 14, 2012

URL Droplet ගැන දන්නවද?


Data Unlimited නැති අයට තියන ප්‍රශ්නයක් තමයි ලොකු Files Download කරද්දි මගදි හරි සීයට දශම ගනනක් තියද්දි Download එක නවතින එක. මමත් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න බැරුව ඉන්නකොට මතක් උනේ Dropbox එකට Files Download කරගත්තනම් එතනින් අවුලක් නැතුව ඒ Files Download කරගන්න පුලුවන්නේද කියල ඒත් කොහොමද  Dropbox එකට Files Download කරගන්නෙ? . ඒ ප්‍රශ්නය මම Techකතා  Google Group එකෙන් ඇහුව.පස්සෙ උත්තරයක් දීල තිබුණ. ඒක තමයි URLDroplet මේකෙන් පුලුවන් ඕනම  එකක Download එක දිල File එක Dropbox එකට Download කරගන්න.

ප්‍රශ්නයක් ඇතිවුනොත් අහන්න නැත්නම් Google Search කරන්න.

Friday, March 30, 2012

FL Studio 6.0 වීඩියො පාඩම්

අදනම් මම මගෙන් කිසිම උත්සාහයක් ‍නැතුව අනුන්ගෙම දෙයක් දාන්න යන්නෙ. මම අනුන්ගෙ එකක් ආන්න නිදහසට කරුනුත් එපාය. ඇත්තටම කියනවනම් මම FL Studio 10.0 ටොරන්ට් වලින් ක්රැක් එකකුත් එක්ක බාගෙන  මගේ සංගීතය ගැන තිබුනු පොඩ් දැනුමින් සංගීත ප්‍රස්ථාර ටිකක් හොයාගෙ ඒව FL Studio 10.0 එනක් වාදනය කරන්න ගන්න හැදුව වැඩේ අල හරිගියේ නෑ. යූටියුබ් එකේ බැලුව ඒවයෙ ඉංර්‍ගීසියෙන් උගන්නන ඒව අන්ඩර දෙමළ වගේ. නේට් එකේ දන්න සෙල්ලම් සේරම දාලා හෙවුව. මාස ගානක් හෙව්ව  හැමතැනම හොයල වැඩේ දමල ගහල ඉදිද්දි කනාවට වගේ මගේ වාසනාවට මේ ලින්ක් එක ලැබුන. හැබැයි හිනා යන වැඩේ තමයි ‍බැලින්නම් මේකත් තියෙන්නෙ යූටියුබ් එකේ.
අම්මපා... මම අව්වර හොයලත් යූටියුබ් එකේ මේක හොයාන්න බැරි උනානෙ. මම කාපු කට්ට කන්න වෙන කෙනෙක්ට නොවේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් එහෙම කට්ට කාලා වැඩේ දමල ගහපු අය ඉන්න වනම් මෙන්න ලින්ක් එක
හැබැයි මුලින් කියුව වගේ මේකට මගෙන් වැටුනෙ දාඩිය බින්දුවක් දෙකක් විතරයි ඒකත් ටයිප් කරද්දි හී...හී...

Wednesday, August 10, 2011

ජූනෝ ගමන අරඔයි




















ජූනෝ අභ්‍යවකාශයානාව අගෝස්තු 5වන සිකුරාදා ෆ්ලොරිඩා වල කේප් කැනරවල් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ අභ්‍යවකා ගුවන්ගත කිරීමේ අංගනයෙ 41 කොටසින් Atlas V කියන ‍රොකට් එකේ අධාරයෙන් අභ්‍යවකාශයට යවන අවස්ථාව තමයි මේ පේන්න තියෙන්නෙ.
ජූනෝ අවුරුදු පහක් බ්‍රහස්පතී දක්වා සැතපුම් මිලියන 400 ගිහින් ඒ ග්‍රහයා වටේ බ්‍රමණය වෙමින් ග්‍රහයා තුල සැකැස්ම,ගුරුත්වාකර්ශණ පරාසය,ජල තත්වය හා වායුගොලයේ ඇති ඇමෝනියා වායුව මැනගන්න,එහි ඇති වලවත් චුම්භක පරාසය ඒවගේම බුහස්පතී ග්‍රහයාගේ අධික දීප්තිමත් බව කියන මේ සියලු දේම හොයාගන්න බුහස්පතීගෙ ආරම්භය හා පරිණාමය ජූනෝට සවිකරල තියන උපකරණ අටකින් පරීක්ෂා කරල බලාවි.

Wednesday, April 6, 2011

real audio file to MP3 කන්වර්ටරයක්








real audio file නැත්නම් .ram කන්වර් කරන්න ෆී කන්වර්ටරයක් නෙට් එකේ කොහේවත් හොයාගන්න නැහැ. Pakheaven සයිට් එකේ සින්දු තියෙන්නෙත්, එතකොට Techකතා එකේ එහෙමත් MP3 එකයි OGG එකයි ඇර real audio එකකුත් දෙනවනෙ
 . මේ real audio කන්වර් කරන්න ක්රැක් කරපුව නෙට් එකේ හොයල තව පොඩ්ඩන් PC එක වයිරස් විමානයක් වෙනව.. ඉතිං real audio file to mp3  කන්වර් එකක් හොයල හොයල එපා වෙලා ඉදිද්දි මෙන්න මේ Youtubedowner එකට නිකමට ව‍ගේ .ram file එකක් ඇඩ් කරල බැලුව වැඩේ හරි ඇඩ් වුනා විතරක් නෙමේ කන්වර් කරන්නත් පුලුවන්. හැබැයි අඩුම කන්වර් කොලිටිය 96kbps ඒක නිසා සින්දු වලටනම් නියමෙට ගැලපෙනව.

Tuesday, October 19, 2010

ෆෝන් එකෙන් වීඩියෝ බලන්න ෆ්‍රී කන්වර්ටර් එකක්












ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදියට වීඩියෝ කන්වර්ට් කරගන්න ගියාම කරදර වෙන අයට නියම ෆ්‍රී ටූල් එකක් මේක. කට්ටිය මේක ගැන දන්නවද දන්නෙත් නෑ, නොදන්න අයත් ඇතිනෙ,ඒක නිසා දානව. මේ ටූල් එකේ තියන එකම ප්‍රෂ්නෙ තමයි වීඩියෝ කන්වර්ට් කරාට පස්සෙ ප්‍රොෆෙෂනල් වර්ෂන් එකට අප්ග්‍රෙට් කරන්න අහන එක තමයි. ඒත් මේ වර්ෂන් එක සම්පූර්නයෙන්ම ‍ෆ්‍රී. අරගෙනම බලන්න මෙන්න ලින්ක් එක
Anyvideoconverter(ලින්ක් එකෙන් ගිහින් ෆ්‍රී කන්වර්ටර් එක තෝරල ඩවුන්ලෝඩ් කර ගන්න)
තවත් දවසක  තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාන්න.

Wednesday, October 13, 2010

මොකක්ද මේ බ්ලූ-රේ? 2 කොටස

Samsung-BD-P4600-Blu-ray Player













මොකක්ද මේ බ්ලූ-රේ? 2 කොටස

අද මම තාක්ෂණික යටතේ කතාකරන්නෙ බ්ලූ-රේ ගැනයි අද පලවෙන්නෙ දෙවන කොටස. මුලින්ම 1-කොටසට කමෙන්ට් කරපු අයට ස්තූතියි. පුශ්න වගේකුත් අහල තිබුන ඒවටත් උත්තර මේකෙ ඇති.ඔන්න එහෙනම් දෙවන කොටස, ඩීවීවී වගේම බ්ලූ-රේ තැටි වලත් දත්ත ලිවීමේ(write) හැකියාවත් තියනව. ඒ වගේම BD/DVD කියල බ්ලූ-රේ හා ඩීවීවී යන ප්ලෙයර්ස් දෙකේම ධාවනය වන වර්ගයකුත්  හඳුන්වා දීල තියනව.
  ඩීවීඩී වල නම් දත්ත ඇතුලත් කරල තියන පැත්ත අතින් ඇල්ලුවත් රූප අපැහැදිලි වෙනවනෙ, ඒත් බ්ලූ-රේ වල එහෙම නොවෙන්න විශේෂ ආවරනයක් යොදල තියෙනවලු. තවත් දෙයක් ඩීවීඩී වලට වඩා තැටියේ ඇති වැරදි සකස් කර ගැනීමේ ක්‍රමයක් බ්ලූ-රේ වල තියනව. DVD වල HD වීඩියෝ දානුන පුලුවන් වුනාට තියන ප්‍රශ්නෙ තමයි ඉඩකඩ මදි කම ඒත් බ්ලූ-රේ තමයි ඒකට විසඳුම මොකද තනි ලෙයරයක 25GB දාන්න පුලුවන්නෙ. මේ විශාල ඉඩ කඩ නිසා දැන් අපි රිමෝට් එකෙන් කරනවට වඩා දේවල් බ්ලූ-රේ ප්ලෙයර් එකක රිමෝට් එ‍කෙන් කරන්න පුලුවන් වෙනව, ඒ කියනනෙ තිරයේ පෙනෙන්න තියන රූපරාමුව වෙත් කෝන වලින් හරියට ගූගල් අර්ත් වල ලෝක බෝලෙ කරකවා බලනව ව‍ගේ, නැත්නම් පරිගනක ක්‍රීඩාවක වගේ ඉදිරියෙන්, පිටුපසින් බලන්න පුල්වන් වෙයි. හැබැයි මෙතනදි තවත් දෙයක් කියන්න ඕන මේ විදියට කැමති විදියක බලන්න පුලුවන් වෙන්න අපි බලන චිත්‍රපටය ඒ ඒ කෝන වලින් පටිගත කරල තියෙන්න ඕන, හැබැයි ඒ දේ කරන්න මේච්චර කල් තිබුනු බාදාව DVD එකේ කැපෑසිට් එකේ ප්‍රශ්නෙනම්  බ්ලූ-රේ වලිනි විසඳල තියෙන්නෙ.
 බ්ලූ-රේ වලට යොදාගන්නා වීඩියෝ ෆෝමැටිස් අතර HD(high-definition video) සඳහාම වර්ධනය කරන ලද MPEG-2,4 , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මීඩියා වීඩියෝ(WMV)ත් තියනව. ඒ වගේම ඕඩියෝ වලට සම්පින්ඩනය නොකල(uncompressed) චැනල්ස් අටේ ශබ්ද මාලාවන්ට(එනම් ශබ්දය කෝන අටකින් පටිගත කල), 7.1,5.1 සරවුන්ඩිනි සවුන්ඩ්(කට්ටිය සරවුන්ඩිනි සවුන්ඩ් දන්නවනෙ?),ඩොල්බි ඩිජිටල් (DD) වලටත් සහය දක්වනව. ඒත් හැම බ්ලූ-රේ එකේම මේම සියල්ල තිබිය නොහැකියි නිෂ්පාදන මට්ටමේදි ඇතුලත් කරන්නෙ මොනවද කියල නිෂ්පාදකය තමයි තීරනය කරන්නෙ.
  ඩීවීඩී හා බ්ලූ-රේ වල තියන වෙනස් කම් ටිකක් මේ. ඉස්සර වෙලා අපි දන්න ඩීවීඩී ගමු තනි ලෙයරය 4.7GB, ලෙයර් දෙක 8.5GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර්  650යි,ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.1යි,ඝන වැස්මක් නැත,සාමාන්‍ය දත්ත ගලායන වේගය11.08mbps=1x ,ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය10.08mbps=<1x,උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 720×480/720×576, උපරිම වීඩියෝ බීට්රේට් එක 9.8Mbps,. දැන් අපි එච්චර නොදන්න බ්ලු-රේ අරගෙන බලමු, තනි ලෙයරය 25GB, ලෙයර් දෙක 50GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර්  405යි, ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.6යි, ඝන වැස්මක් ඇත, සාමාන්‍ය දත්ත ගලායන වේගය36.0mbps=1x, ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය54.0mbps=1.5x, උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 1920 x 1080, උපරිම වීඩියෝ බීට්රේට් එක 40.0Mbps.
  බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී ධාවනය කරන්නත් හැකියාව තියනව,ඒත් ඩීවීඩී ප්ලෙර්වල නම් බ්ලූ-රේ තැටි ධාවනය වෙන්නෙ නැහැ. තවත් දෙයක් තමයි සාමාන්‍ය ඩීවීඩී ප්ලෙර්වලට වඩා උසස් රූපරාමු  බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී තැටි ධාවනයෙන් ලබා ගන්නත් හැකියි. දැන් කට්ටිය හිතනව ඇති තමන්ගෙ පරිගනකයටත් බ්ලූ-රේ ප්ලෙර් එකක් දාගන්න ඹ්නද කියල. තමන් නිතරම චිත්‍රපට බලනවනම් දැනට විඳිනවට වඩා උසස් රස වින්දනයක් අවශනම් ගත්තට කමක් නැහැ,ඒත් සාමාන්‍ය  වැඩවලට නම් ඩීවීඩී ප්ලෙයර් එක ‍හොඳටම පුමාණවත් අනික බ්ලූ-රේ ප්ලෙර්ස්,තැටි ටිකක් මිලෙනුත් අධිකයි.තවත් දවසක තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

Friday, October 8, 2010

මොකක්ද මේ බ්ලූ-රේ? 1-කොටස.











 අද මම තාක්ෂණික යටතේ කතාකරන්නෙ බ්ලූ-රේ ගැනයි අද පලවෙන්නෙ පලමු කොටස.
බ්ලූ-රේ (Blu-ray)කියන්නෙ ඩීවීඩී වගේ,විඩියෝ සම්පින්ඩනය(compression) කරන තාක්ෂණයක්.
මෙය සලකන්නෙ ඩීවීඩී වල ෆෝමැට් එකේම සිංහලෙන් කියනවනම් ඩීවීඩී ආකෘතියෙම ඉදිරි පියවරක් වශයෙනුයි.මෙම තාක්ෂණය එලිදැක්වන ලද්දේ ඇපල්,ඩෙල්,හිතාචි,එල්ජී,සැම්සුන්,සෝනි වැනි ප්‍රධාන පෙලේ තාක්ෂණික උපකරණ නිපදවන ආයතන ඇතුලත් වන බ්ලූ-රේ ඩිස්ක් ඇසොෂියේෂන් සංගම‍යෙන්.
 බ්ලූ-රේ වලට ඒ නම ලැබිල තියෙන්නෙ මෙම තාක්ෂණයෙන් යුත් ඩිස්ක කියවීම සඳහා සාමාන්‍යයෙන් අනෙක් ධාවක වල යොදාගන්නා රතු ලේසර් කදම්බය වෙනුවට නිල් පැහැති ලේසර් යෙදාගැනීම නිසයි.
තවත් දෙයක් තමයි රතු ලේසර් වලින් තැටියක දත්ත කියවද්දි නැනෝමීටර් 690ක රේසර් කදම්බය තැටියට එල්ල කරල තමයි දත්ත කියවන්නෙ, ඒත් බ්ලූ-රේ වල මෙම රේසර් කදම්බය නැනෝමීටර්  450ට කුඩා කරල තියනව, මේ හේතුව නිසා ඩීවීඩී තැටියකය අසුරා ඇති දත්ත වල දුර ප්‍රමාණයට වඩා  අඩු දුරකින් දත්ත ඇසිරීමේ හැකියාව ලැබෙනව.
  තවත් පැහැදිලි කරනවනම් CD,DVD මේ ඕනෑම තැටියක දත්ත ඇතුලත් වෙන්නෙ වලයාකාර පථයන් තුලයි  DVD වල මේ වලයාකාර පථයක පලල නැනෝමීටර් 690යි,ඒත් බ්ලූ-රේ තැටියක නැනෝමීටර් 450.
25GB විතර එක් තැටියක දාන්න හැකියි, ඩීවීඩී තැටියකයනම් අපි අහල තියෙන්නෙ ලෙයර්ස් දෙකකට දත්ත ලියන්න පුලුවන් කියල ඒත් බ්ලූ-රේ වල මේ හැකියාව ලෙයර්ස් විස්සක ප්‍රමාණයකට වැඩිකරල 500GB දක්වා දත්ත ඇතුලත් කිරීම වැඩිකරන්න පුලුවන්ලු.
 පැය නවයක කාලයක් පුරා දිවෙන  HD (high-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ දත්ත  ප්‍රමාණයක් සහ පැය 23ක  SD (standard-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ සාමාන්‍ය එනම් තනි ලෙයරයේ බ්ලූ-රේ තැටියකය රඳවන්න පුලුවන්. බ්ලූ-රේ දත්ත කියවීමේ,ලිවීමේ වේගය ගත්තොත් 1X වේගයක් කියන්නෙ සාමාන්‍යයෙන් තත්පරයකට මෙගාබිට් 36 (36mpbs)ක්. ඒත් වීඩියෝ බලන්නනම් 54mpbs තරම් දත්ත කියවීමේ වේගයක් අවශ්‍යවෙනව. බ්ලූ-රේ තැටියක් ධාවනය වීමේදී  කැරකෙන වට ප්‍රමාණය DVD හා HD-DVD තැටි වලට සමාන වුනත් දත්ත කියවීමෙ සහ ලිවීමේ වේගය ඉතා ඉහලයි. අනෙත් කොටස තවත් දවසක.
තවත් දවසක  තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.