
තරුණ අවදියෙ පවතින තරු සහ දූවිලි වලාවන් සහිත NGC 4214 කියන වාමන මන්දාකිනිය දිදුලන හැටි තමයි මේ පේන්න තියෙන්නෙ. පෘථිවියේ සිට ආලොක වර්ෂ කොටියක් විතර දුරින් දඩයම් බල්ලා (Canes Venatici) කියන තාරකා රාශියෙ තමයි මේ මන්දාකිනිය තියෙන්නෙ. හබල් දුරේක්ශයෙ Wide Field Camera 3 කියන කොටසින් ගත්ත මේ පින්තූරෙ, තාරකා පරිණාමයේ විවිධ අවදීන් පෙන්නුම් කරන තාරකා වල එකතුවකින් යුන් මේ මන්දාකිනිය තරුවක් බිහිවන හැටි සහ පරිණාමය වෙන ආකාරය දැක්වෙ රසායනාගාරයක් විදියටයි තාරකාවිද්යඥයින් සලකන්නෙ.