Wednesday, May 11, 2011
රක්ථ වර්ණ ඉබ්ස්
රක්ථ වර්ණ ඉබිස්-(Scarlet Ibis) කොක් කුලයට අයත් දකුණු ඇමරිකානු ජලජ කුරුල්ලෙක්. මුගේ ඇති තද රක්ථ වර්ණය නිසා තමයි වැඩි අවදානමක් දිනාගෙන ඉන්නෙ. මූට මේ පාට ලැබෙන්න හේතු උන් කෑමට ගන්න කූනිස්සන් සහ අනෙත් මාලු වර්ග වලින් කියලයි කියන්නෙ. පිරිමි සහ ගෑනු සතුන් දෙන්නම චර්ණයෙන් එකම සමානයි. උඩු කොටස අඳුරු දුඹුරු පාට හා යටිබඩ පැත්ත සුදු පාට ලබාල වයසෙ ඉබිස්ලගෙ රතු පාටින් ටිකක් අඩුයි. රක්ථ වර්ණ ඉබිස්ල වතුර ඇති තැන් වල කිට්ටුවෙන් පිහිටල තියන ගස්වල උන්ගෙ කූඩු වලින් පිරුනු විශාල ජනපද ගොඩනගා ගන්නව.
රක්ථ වර්ණ ඉබිස් උගේ හොට මඩ ඇතුලට ඔබල කෑම හොයාගන්නව එමගේ උන්ගෙ හොටෙන් වතුර එහාට මෙහාට හොලවල ගොදුරු හොයාගන්නත් උන් දන්නව. තව ෆොටෝ ටිකක් එහෙම බලන්න ඕනනම් මෙතනින් ගිහින් බලන්න
ආහාර: කූනිස්සන්,කුඩා මාලු වර්ග, කුඩා කෘමීන්.
නිජභූමිය: දකුණු ඇමරිකාවෙ උතුරු ප්‍රදේශයෙ වගුරු බිම් හා මුහුදු බඩ ප්‍රදේශ වල සහ මධ්‍යම ඇමරිකාවෙ දකුණු ප්‍රදේශයෙ වගුරු ආශ්‍රිතව.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment