Powered By Blogger

Saturday, November 23, 2013

මෝහිනී නංගිට.
















ඝෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ...
දොල හඬන තුංමං හන්දියේ...
කවුරු එනතුරු මග බලනව ද...
මෝහිනී මගේ නංගියේ...
මෝහිනී ආදර නංගියේ...

උඹේ දරුවා ගන්න කවුරුත් නොඑන මූසල මන්ඩියේ...
උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ...
උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් ඇති හන්දියේ...

සුරඟනට අමතකව දරුවන් හද්දී කුනු බක්කියේ...
උඹ යකින්නක් උනේ කොහොමද කියාදීපන් නංගියේ...
උඹ යකින්නක් උනේ කොහොමද කියාදීපන් නංගියේ...

ඝෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ...
දොල හඬන තුංමං හන්දියේ...
කවුරු එනතුරු මග බලනව ද...
මෝහිනී මගෙ නංගියේ...
මෝහිනී ආදර නංගියේ...
මෝහිනී නංගියේ...

ඔයාල මේ සින්දුව අහල තියෙද? මට අහම්බෙන් ලක් එෆ්.එම් එකේ “දුම්බර පැදුර” කියන වැඩසටහන අතරෙ අහන්න ලැබුනෙ.

Friday, November 22, 2013

මෝහිනී නංගිට.


ඝෝර සපුන් ඇහැරෙන ඇඳරියේ...
දොල හඬන තුංමං හන්දියේ...
කවුරු එනතුරු මග බලනව ද...
මෝහිනී මගේ නංගියේ...
මෝහිනී ආදර නංගියේ...

උඹේ දරුවා ගන්න කවුරුත් නොඑන මූසල මන්ඩියේ...
උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් අය ඇති නංගියේ...
උඹට දරුවෙක් දෙන්න ඕනෑ තරම් ඇති හන්දියේ...

සුරඟනට අමතකව දරුවන් හද්දී කුනු බක්කියේ...
උඹ යකින්නක් උනේ කොහොමද කියාදීපන් නංගියේ...
උඹ යකින්නක් උනේ කොහොමද කියාදීපන් නංගියේ...

ඝෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ...
දොල හඬන තුංමං හන්දියේ...
කවුරු එනතුරු මග බලනව ද...
මෝහිනී මගෙ නංගියේ...
මෝහිනී ආදර නංගියේ...
මෝහිනී නංගියේ...

ඔයාල මේ සින්දුව අහල තියෙද? මට අහම්බෙන් ලක් එෆ්.එම් එකේ “දුම්බර පැදුර” කියන වැඩසටහන අතරෙ අහන්න ලැබුනෙ.

Friday, August 16, 2013

බීවර්


අද කියන්න යන්නෙ ලොකූ මීයෙක් ගැන නම තමයි බීවර්.






















බීවර් හරිම කඩිසරයි වගේම පරිසරයේ ස්භාවික පිහිටීම් ‍තමාගේ හැකියාවන්වන් යොදාගෙන ඉදිකීරීම් කරන සත්ව විශේෂ‍ වලින් එකෙක්. ගංගා සහ විල් ඉවුරු වල සුදුසු තැනක් දැක්කොත් මුන් කරන්නෙ බෙන හාරගන්න එක. එහෙම තැතක් හම්බ නොවුනොත් තියුණු දත් හා ශක්තිමත් කිටින් ගස් කපල ලොකු ලී කුට්ටි හදාගෙන තව අතු ඉති මඩ වලින් දියපාරවල් හරස් කරල කැලෑවල ගොඩබිම් ඡල තටාක බවට පත් කර ගන්නව. එහෙම හදා ගන්න අමුණ තමයි බීවරයන්ගෙ කැමතිම තවතැ වෙන්නෙ.

මේ තටාක වල මැදට වෙන්න තමයි ප්‍රධාන ගුල හදන්නෙ, ඒකට ඇතුල් වෙන්න පුලුවන් දිය යටින් තියන උමගකින් විතරයි. ගුලේ රංචු සහ පරම්පරා කීපයකට අයත් බීවරයන් ඡීවත් වෙනව, ඒ අතර එකම පරපුරෙක මවු පිය වරුන්,තරුණ වයසේ පැටවුන්,වසන්ත සෘතුවේදී බිහිවූ ලඳරු වයසේ බීවරයයින් ඇතුලත්. මීයන්,ලේනුන් අයත් සත්ව කාන්ඩයේ ඉන්න විශාලතමය තමයි බීවර් කියන්නෙ. මුන් ශාක භක්ෂක නිසා ගස්වල කොළ,පොතු,මුල්,ඡලඡ ශාක වගේ දෙවල් තමයි කෑමට ගන්නෙ.

පොළව ඇවිදින වෙලාවට පැද්දි පැද්දි ගාටනන කැත තාර ගමනක් තමයි මූට තියෙන්නෙ. ඒත් වතුරෙදි නම් පැයට කි.මී 8ක් විතර වේගයේ ලස්සනට පීනල යන්න පුලුවන්. පිටුපස කකුල් වල ඇඟිලි අතර සම් පටල තිබීම සහ පීනද්දී පැතලි වලිගය සුක්කානමක් විදියට යොදාගැනීම තමයි වේගයෙන් පිහිනීමේ රහස. ඡල මතුපිටට ‍එන්න නැතුව වතුර යට විනාඩි 15ක් විතර රුදිල ඉන්නත් බීවරයට හැකියි,  මේකට උදවු වෙන තවත් දෙයක් තමයි විනිවිද පෙනෙන ඇස් පිල්ලම් වලින් ඇස් ආවරය වී තිබීම. ලොම් වල තියන තෙල් ගතිය නිසා වතුරෙන් ආරක්ෂිතයි. ඒ කියන්නෙ ලොම් සහ ශරීරය තෙත බරිත වෙන්නෙ නැහැ.

බීවරයයින් වර්ග දෙකක් උතුරු ඇමරිකාවෙ ,යුරෝපයේ සහ ආසියාවෙ වාසය කරනව. මොවුන් මුලු සීත සෘතුවේම ක්‍රියාකාරීයි, වතුර අයිස් තට්ටුවකින් ආවරනය වෙලා තියෙද්දි පවා කෑම හා අවශ්‍ය කලමනා හොමින් පීන පීන ඉන්නව.


බීවර් ගැන තවතොරතුරු කිහිපයක් මේ:
බීවර්ගේ හඬ
ලෝකයේ ඡිවතවන ප්‍රදේෂයය















සත්ව ඝනය : ක්ෂීරපායි
ආහාර : ශාක භක්ෂක
ඡීවිත තාලය : චසර 14ක් පමණ.
ශරීර ප්‍රමාණය :
හිස සහ කඳ - සෙ.මී 60 සිට 100 දක්වා.
වල්ගය - සෙ.මී 20 සිට 30 දක්වා.
බර : කි.ග්‍රෑ 27.
ඔබ දන්නවාද? බීවර් තමන්ගේ වටපිටාව නැවන ගොඩනගා වෙනස් කර ප්‍රයෝඡන ගැනීමෙන් දෙවනි වන්නේ මිනිසාට පමණයි.


මූලාශ්‍ර National Geographic – Animals

Friday, April 19, 2013

ලෝක යුධ ශක්තියේ ටොප්10


මේ දවස්වල තුන්වන ලෝක යුද්ධයක් ගැන කතාවෙනවනෙ. ගොඩක් කට්ටික් කියනව ඇමරිකාවට පාඩමක් ඉගනගන්නත් එක්ක උතුරු කොරියාව ඇමරිකාවට ගහනවනම් හොදයි කියල, තව කට්ටික් කියනව ඇමරිකාව උතුරු කොරියාවට ගහවි කියල. ඒ අතරෙ තවත් අය තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉන්නව. කවුරු ගැහුවොත්ද හොද කියල ලෝක යුධ ශක්තියේ ආයුධ සහ පිරිස් බලයෙන් ශක්තිමත්ම දහදෙනා දැන ගත්තට පස්සෙ හිතල බලන්න.

දහ වෙනිය - ඊස්රායලය















ජන ගහනය මිලියන - 7.5
සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 187,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 565,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 12,552
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,964
යුධ නැවු ප්‍රමාණය - 64
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන- 12

නව වෙනිය - ජපානය















ජන ගහනය මිලියන - 126
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 239,430
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 60,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 5,220
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,953
යුධ නැවු ප්‍රමාණය - 110
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 70

අට වෙනිය - ප්‍රංශය













ජන ගහනය මිලියන - 65
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 362,485
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 410,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 10,621
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1757
යුධ නැවු ප්‍රමාණය - 289
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 50


හත් වෙනිය - උතුරු කොරියාව

 














ජන ගහනය මිලියන - 50
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 653,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 3,000.200
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 13,361
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,568
යුධ නැවු ප්‍රමාණය - 170
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 26.55


හය වෙනිය - තුර්කිය














ජන ගහනය මිලියන - 80
දැනට සේවයේ යෙදී සිටින සහ අතිරේක සෙබලුන් ප්‍රමාණය - 1,000,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 60,744
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1940
යුධ නැවු ප්‍රමාණය - 265
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 25


පස් වෙනිය - එංගලන්තය

 














ජන ගහනය මිලියන - 63
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 224,500
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 187,130
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 11,630
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 1,663
යුධ නැවු ප්‍රමාණය - 99
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 74


හතර වෙනිය - ඉන්දියාව

 














ජන ගහනය බිලියන - 1.19
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - මිලියන 1.325
අතිරේක සෙබලුන් ප්‍රමාණය - මිලියන 1.747
ගොඩබිම් ආයුධ ප්‍රමාණය -
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 2,462
යුධ නැවු ප්‍රමාණය - 175
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 36

තුන් වෙනිය - චීනය














ජන ගහනය බිලියන - 1.33
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 2,285,000
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 800,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 47,575
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 5,176
යුධ නැවු ප්‍රමාණය - 972
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 100

දෙවනිය - රුසියාව

 













ජන ගහනය මිලියන - 138
දැනට සේවයේ යෙදී සිටින සෙබලුන් ප්‍රමාණය - 1,000,200
අතිරේක සෙබලුන් ප්‍රමාණය - 754,000
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 91,715
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 2,749
යුධ නැවු ප්‍රමාණය - 233
 වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 56

පලමු වෙනිය - ඇමරිකාව
















ජන ගහනය මිලියන - 313
දැනට සේවයේ යෙදී සිටින සහ අතිරේක සෙබලුන් ප්‍රමාණය - 1,000,500
අතිරේක සෙබලුන් ප්‍රමාණය -
ගොඩබිම් ආයුධ ප්‍රමාණය - 56,269
ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය - 18,234
යුධ නැවු ප්‍රමාණය - 2,384
වාර්ෂික ආරක්ෂක වියදම ඩොලර් බිලියන - 692

දැන් මොකද හිතෙන්නෙ?

Tuesday, October 2, 2012

මණ්දාකිනි පොකුරක ඝට්ඨනයක්


මේ ජායාරූපයෙන් දැක්වෙන්නෙ Abell 520 මණ්දාකිනි පොකුර ඇතුලෙ දැවැන්ත මණ්දාකිනි පොකුරුවල දරුණු ගට්ඨන නිසා ඇතිවුනු  අදුරු පදාර්ත ,මණ්දාකිනි, උනුසුම් වායු පැතිරී තියන ආකාරය.

Monday, October 1, 2012

තරු බිහිවන ප්‍රධාන ප්‍රදේෂයක්


30 Doradus නිහාරිකාවෙ තුල තියන වසර මිලියන කිහිපයක් පමනක් වයස තරුණ තාරකා සමූහයක් වන R136 තමයි මේ තියෙන්නෙ. අපගේ ක්ෂීරපථයේ කිසිම ප්‍රදේෂයක 30 Doradus නිහාරිකාවෙ තරම් විශාල වශයෙන් තරු බිහිවන තැනක් නැතිලු.

Sunday, September 30, 2012

අභ්‍යවකාශ යානයක හැඩය ගත් මණ්දාකියක්


හබල් දුරදක්නයෙන් හසුකරගත් මේ ජායාරූපයේ දැක්වෙන NGC 2683 නමින් හදුන්වන මණදාකිනි‍ෙය් හැඩය හරියට චිද්‍ය ප්‍රබන්ද වල කියැවෙ  අභ්‍යවකාශ යානයක හැඩයක් වගේ නේද?

Saturday, September 29, 2012

ඔරායන් නිහාරිකාව

අපට ආලෝක වර්ෂ 1,500ක් ඇතින් පිහිටා තිබෙන ඔරායන් නිහාරිකාව තමයි මේ. හයිඩ්රජන් හා සල්ෆර් වායු තියන ප්‍රදේෂ තමයි කොළ පාටට තියෙන්නෙ. රතු සහ තැබිලි පාට කාබන් අණු වැඩි ප්‍රදේෂ. ලදරු තාරු තමයි ඔය කහ පාට තිත් වගේ පේන්න තියෙන්නෙ.




Friday, September 28, 2012

අභ්‍යවකාශයේ ඉදල ඩුබායි දකිමු..!


Expedition 30 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගත්ත මේ ජායාරූපයේ දැක්වෙන්නෙ තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර අභ්‍යවකාශයට පෙකනන හැටි. වැඩිපුරම ආලෝකය පේන්නෙ පුධාන හෝටල් හා ගොඩනැගිලි තියන පුදේෂ

Thursday, September 27, 2012

Cygnus Loop නිහාරිකාව


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1,500 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ නෙහාරිකා නිර්මාණය වෙලා තියෙන්නෙ චසර පන්දාහත් අටදාහකටත් අතර කාලයකට පෙර සිදුවුනු දැවැන්ත සුපර්නොවා පිපිරුමකින්.

Wednesday, September 26, 2012

පැක්මෑන් නිහාරිකාව










පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9,200 පමණ ඈතින් පිහිටා ති‍බෙන‍ මේ  NGC 281 කියන තරු පොකුර  හදුන්වන්නෙ  පැක්මෑන් නෙහාරිකාව  නමින්.

Tuesday, September 25, 2012

චන්ද්‍රයන් පස් දෙනෙක්



සෙනසුරු ග්‍රහයා එයට අයිති උප ග්‍රහයින් ප පස් දෙනෙක් එකම දර්ශනයක දැක්වෙන මේ ජායාරූපය ජුලි.29, 2011 දිනයෙ තියෙන්නෙ කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් එකක්.

Monday, September 24, 2012

හිරු බැසයාම



ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල බලද්දි හිරු බැසයන හැටි මෙහෙම තමයි පේන්නෙ. 09.16, 2001 දින Expedition 3 කණ්ඩායමේ අය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදල මේ ජායාරූපය අරගෙන තියෙන්නෙ.

Thursday, September 13, 2012

උප මණ්දාකි දැකල තියනවද?


මේ තියෙන්නෙ පෘථිවියේ සිට අලෝක වර්ෂ 160,000 ක් දුරින් පිහිටා ඇති ක්ෂීරපතයට අයත් උප මණ්දාකියක්. මේ පින්තූරයේ තියන අකාරයෙ මණ්දාකි හදුන්වන්නෙ Large Magellanic Cloud නැත්නම් (LMC) කියල.

Wednesday, September 12, 2012

තොටිල්ල පදවන අත ඉර අල්ලයි?














Expedition 32  කන්ඩායමෙහි පියාසැරි ඉන්ජිනේරු (Flight Engineer) නාසා ගගනගාමී ඇත්තටම කියුවොත් ගගනගාමිනියක් වන සුනීතා විලියම්ස්  (මුල්නම Sunita Pandya Krishna) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බාහිර ක්‍රියාකාරකමකට එක්වුනු අවස්ථාවක ඉර ඇල්ලූ අවස්ථාවයි මේ. වැඩිම කාලයක් අභ්‍යවකාශයේ ගතකල (Spacewallk) කාන්තාව වේන්නෙත් මෙයාම තමයි.

Tuesday, September 11, 2012

ටයිටන්


සෙනරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් සෙනනුරු හරහා ගමන් කරන ආකාරයයි මේ තියෙන්නෙ.  ටයිටන් වන්ද්‍රයාට සැතපුම් 483,000 පමණ දුරක ගමන්කල කැසිනි චන්ද්‍රිකාවෙන් ගත් මේ ජායාරූපයේ පික්සල් එකකට සැතපුම් 29ක් අඩංගු වෙනව.