Powered By Blogger

Saturday, November 6, 2010

චීන මහා ප්‍රාකාරය-2 කොටස


චීන මහා ප්‍රාකාරය ගැන ලියන ලිපිපෙලේ අද දෙවන කොටස. චීන මහා ප්‍රාකාරය-1 කොටස නොබලපු අය ඒක බලල එන්න. චීන මහා  ප්‍රාකාරය පටන් අරගෙන තියෙන්නෙ කුයින් රාජ වංශයේ කියල තමයි කියන්නෙ.
 මේ ඉන්නෙ චීන අධිරාජයෙක්.
















ක්‍රි.පූ 221 දී කුයින් ෂී හුවාන්ග් අධිරාජයා සතුරු ප්‍රාන්ත සියල්ලම යුද්ධ කරල යටත් කරල චීනය එක්සේසත් කරල තියනව. ඊට පස්සෙ තමයි කුයින් රාජ වංශය පටන් අරගෙන තියෙන්නෙ. මධ්යම රජයෙන් පාලනය කරගෙන යන්නත් වැඩවසම් ක්‍රම නැවතත් ඇතිවීම වලක්වන්නත් ප්‍රාන්ත වටේට හදල තිබුනු ප්‍රාකාර කඩන්න ඕන කියල අධිරාජයාට තේරුම් ගිහිල්ල තියනව. වගේම දේශ සීමාව ආරක්ෂා කරගන්න අලුත් ප්‍රාකාරයක් හදන්නත් තීරනය කරල තියනව. 
චීනයේ උතුරු පැත්තෙ හිටිය ෂියොංනු කියන පැරණි ගෝත්‍රිකයින්ගෙන් හැම තිස්සේම උතුරු දේශ සීමාවට පහරදෙන්න පටන් අරගෙන. මේ හේතුව නිසා උතුරු සීමාව යා කරල ප්‍රාකාරයක් හදන්න අත්‍යාවශ්‍ය වෙලා තියනව.
මෙන්න උතුරු සීමාවෙ ප්‍රාකාරය.
 















ඒත් මේක හදන්න අවශ්‍ය දේවල් හදන තැනට ගෙනියන එකනම් ලේසි වෙලා නැහැ ඒක නිසා අවට තිබුනු දේවල් යොදාගෙනමයි හදල තියෙන්නෙ. කඳු හරහා හදාගෙන යද්දි අරගෙන තියෙන්වෙ ගල් වර්ග. මිටියාවත් වලදි මැටි යොදාගෙන තමයි ගොඩ නගල තියෙන්නෙ. හැබැයි කුයින් රාජ වංශය තිබුනු කාලෙ කොපමණ දුරකට ප්‍රාකාරය හදල තියනවද කියලනම් හොයාගන්න බැරිලු.පරණ ප්‍රාකාර අවුරුදු සිය ගණනක් විනාශවෙමින් තිබිල.
මෙන්න මේ වගේ.




















නිසා අද ඉතුරුවෙලා තියෙන්නෙ ටිකක් විතරයි. හැන්,සුයි,ජින් වගේ රාජ වංශය කාලෙන් කාලෙට අලුත්වැඩියා කරමින් හෝ නැවතත ගොඩනගමින් මේක රැකගන්න විශාල ධනයක් යොදවල තියෙන්නෙ ඔවුන්ගේම ආරක්ෂාවට තමයි.
ෂියොංනු ගෝත්‍රිකයින් දිගටම දේශ සීමාවට පහරදෙන්න වෙලා. කොපමනද කියනවනම් හැන් රාජ වංශය චීනය පාලනය කරන කාලයේ හැන් වූ ඩි රජු ඔවුනුත් එක්ක සටන් කරන්න ක්‍රි.පූ 127,121,119 යන වසර වල හමුදා කන්ඩායම් තුනක් යොදවන්න වෙලා තියනව. සටන් වලින් පැරදුනු ගෝත්රිකයින් ගෝබි කාන්තාරයට පලවාහැරල තියනව. රටවල් දෙක අතර තිබුනු හෙක්සි නම් බිම් තිරුවත් ෂින්ජියක්ග්  ප්‍රදේශයත් ආරක්ෂා කරගන්න ප්‍රාකාරය දික් කරන්න රජු අණ කරල තියනව.
දැනට බෙයිජිං වල තියන චීන මහා ප්‍රාකාරය හදල තියෙන්නෙ මිං රාජ වංශය චීනය පාලනය කරන කාලෙ(1368-1644). මේ කාලෙ හදන්න යොදාගෙන තියෙන්නෙ ගඩොල්,කලුගල් වගේ දේවල්.
බෙයිජිං වල ප්‍රාකාරය













වගේම විවිධ මෝස්තර හා ආරක්ෂක උපක්‍රමත් යොදාගෙන තියනව. උතුරු පැත්තෙ බලය වැඩි කරන්න ප්‍රාකාරය කොටස් නවයකට බෙදල ස්හෙන් කියල මූලසස්ථානයක් හරහා පාලනය කරල තියනව
චීන මහා ප්‍රාකාරය 2 කොටස ඉවරයි. තව දේවල් තියනව ලියන්න.

No comments: