
අලුත් වැඩක් කරන්න ඕන කියල මට හිතුන. අලුත්මත් නැහැ හැබැයි මමනම් මීට කලින් කරල නැහැ, ඒක තමයි මේ බ්ලොග් සින්ඩිකේටරයට එන අයට තියන ප්රශ්න වලට උත්තර දෙන එක. හැබැයි ඉතින් ප්රශ්න කියුවට හැම ප්රශ්නයකටම නෙවේ, මම දන්න දේවල් වලට අදාල ප්රශ්න වලට තමයි මම උත්තර දෙන්නෙ. කට හඩෙන් උත්තර දෙන්න පුලුවන් ප්රශ්න වලට පොඩ්කාස්ට් එකකින් උත්තර දෙන්නත් බලාපොරොත්තු වෙනව. මම දන්නෙ මොනව ගැනද කියලත් ඉතිං කියන්න ඕනනෙ. පරිගනක ගැනනම් ගොඩක්දේවල් දන්නව ඒකට අදාල ප්රශ්න වලට නම් පහසුවෙන්ම උත්තර දෙන්න පුලුවන්. හැබැයි ඉතිං බ්ලොග් කරන අයටනම් පරිගනක ගැන ප්රශ්න නැහැනෙ ඒ හින්ද ඒ අයටනම් මේ වැඩෙන් වැඩක් නැතිවෙයි. ඒත් බ්ලොග් කියවන්න විතරක් බ්ලොග් සින්ඩිකේටරයට එන අයටනම් පරිගනක ගැන ප්රශ්න ඇතිනෙ ඔන්න ඒ අයටයි මේක කරන්නෙ. ප්රතිචාර වල හැටියට තමයි වැඩෙ කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ.
4 comments:
he he :P
windows 8.1 wala Blue error msg ayin karanne kohomada?
Post a Comment