Friday, October 8, 2010

මොකක්ද මේ බ්ලූ-රේ? 1-කොටස.











 අද මම තාක්ෂණික යටතේ කතාකරන්නෙ බ්ලූ-රේ ගැනයි අද පලවෙන්නෙ පලමු කොටස.
බ්ලූ-රේ (Blu-ray)කියන්නෙ ඩීවීඩී වගේ,විඩියෝ සම්පින්ඩනය(compression) කරන තාක්ෂණයක්.
මෙය සලකන්නෙ ඩීවීඩී වල ෆෝමැට් එකේම සිංහලෙන් කියනවනම් ඩීවීඩී ආකෘතියෙම ඉදිරි පියවරක් වශයෙනුයි.මෙම තාක්ෂණය එලිදැක්වන ලද්දේ ඇපල්,ඩෙල්,හිතාචි,එල්ජී,සැම්සුන්,සෝනි වැනි ප්‍රධාන පෙලේ තාක්ෂණික උපකරණ නිපදවන ආයතන ඇතුලත් වන බ්ලූ-රේ ඩිස්ක් ඇසොෂියේෂන් සංගම‍යෙන්.
 බ්ලූ-රේ වලට ඒ නම ලැබිල තියෙන්නෙ මෙම තාක්ෂණයෙන් යුත් ඩිස්ක කියවීම සඳහා සාමාන්‍යයෙන් අනෙක් ධාවක වල යොදාගන්නා රතු ලේසර් කදම්බය වෙනුවට නිල් පැහැති ලේසර් යෙදාගැනීම නිසයි.
තවත් දෙයක් තමයි රතු ලේසර් වලින් තැටියක දත්ත කියවද්දි නැනෝමීටර් 690ක රේසර් කදම්බය තැටියට එල්ල කරල තමයි දත්ත කියවන්නෙ, ඒත් බ්ලූ-රේ වල මෙම රේසර් කදම්බය නැනෝමීටර්  450ට කුඩා කරල තියනව, මේ හේතුව නිසා ඩීවීඩී තැටියකය අසුරා ඇති දත්ත වල දුර ප්‍රමාණයට වඩා  අඩු දුරකින් දත්ත ඇසිරීමේ හැකියාව ලැබෙනව.
  තවත් පැහැදිලි කරනවනම් CD,DVD මේ ඕනෑම තැටියක දත්ත ඇතුලත් වෙන්නෙ වලයාකාර පථයන් තුලයි  DVD වල මේ වලයාකාර පථයක පලල නැනෝමීටර් 690යි,ඒත් බ්ලූ-රේ තැටියක නැනෝමීටර් 450.
25GB විතර එක් තැටියක දාන්න හැකියි, ඩීවීඩී තැටියකයනම් අපි අහල තියෙන්නෙ ලෙයර්ස් දෙකකට දත්ත ලියන්න පුලුවන් කියල ඒත් බ්ලූ-රේ වල මේ හැකියාව ලෙයර්ස් විස්සක ප්‍රමාණයකට වැඩිකරල 500GB දක්වා දත්ත ඇතුලත් කිරීම වැඩිකරන්න පුලුවන්ලු.
 පැය නවයක කාලයක් පුරා දිවෙන  HD (high-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ දත්ත  ප්‍රමාණයක් සහ පැය 23ක  SD (standard-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ සාමාන්‍ය එනම් තනි ලෙයරයේ බ්ලූ-රේ තැටියකය රඳවන්න පුලුවන්. බ්ලූ-රේ දත්ත කියවීමේ,ලිවීමේ වේගය ගත්තොත් 1X වේගයක් කියන්නෙ සාමාන්‍යයෙන් තත්පරයකට මෙගාබිට් 36 (36mpbs)ක්. ඒත් වීඩියෝ බලන්නනම් 54mpbs තරම් දත්ත කියවීමේ වේගයක් අවශ්‍යවෙනව. බ්ලූ-රේ තැටියක් ධාවනය වීමේදී  කැරකෙන වට ප්‍රමාණය DVD හා HD-DVD තැටි වලට සමාන වුනත් දත්ත කියවීමෙ සහ ලිවීමේ වේගය ඉතා ඉහලයි. අනෙත් කොටස තවත් දවසක.
තවත් දවසක  තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

6 comments:

චමියගෙ ගැජමැටික් said...

නියම පෝස්ට් එකක්. බ්ලූ රේ ගන අහල තිබුනට ඒ ගැන වඩිය හොයලා බැලුවෙ නෑ. ඔන්න අද හරියට දැනගත්තා. තැන්කූ වේවා.......

dinesh said...

ගොඩක් වැදගත්.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.බ්ලු රේ වලට ලොකු ඩිස්ක් කැපෑසිටි එකක් ගන්නෙ ඇයි?කොලිටි එක වැඩි වෙනකොට තව ඩොල්බි,d.t.s වාගෙ sound ට්‍රැක් එහෙමත් එකතු උනාම කැපෑසිටි එක වැඩි වෙනව තමා.ඒත් ඒකෙ විද්‍යාත්මක පැත්ත මොකද්ද?මමත් ඉස්සර ඩ්ව්ඩ් බැලුවට දැන්නම් බ්ලූ රේම තමා.

සංජු said...

ඒ කියන්නේ 1X සපීඩ් එකේදී වීඩියෝ ප්ලේ වෙන්නේ සාමාන්‍ය වේගයට වඩා ‍හෙමින්ද?

snilanka said...

ගොඩක් වැදගත් ලිපියක්.ඉතුරු කොටසත් ඉක්මනටම දාන්න.

Saman said...

ලංකාවේ බ්ලූ රේ ෆිල්ම්ස් වල ගනන් එහෙම කොහොමද...?
මම ඩුබායි වලින් බ්ලූ රේ ෆිල්ම් 8ක් විතර ගත්තා එකක් රු. 3000 ත් 4500/-ත් අතර වුනා ..
බ්ලෑන්ක් බ්ලූ රේ එකක් නම් 1500/-ක් විතර...

බැට් මෑන් said...

අමල් මම මගේ බ්ලොග් එකේ මේ ගැන දාන්න කියලා තමා හොය හොය හිටියෙ ඒ හොයද්දි තමා මට මේක ගුගල් එකේ සිංහලෙන් නිකමට වගේ ගැහුවාම ආවෙ..පට්ට ලිපිය

මෙන්න මගේ බ්ලොග් එක මේ පැත්තටත් එන්න :- www.batmark.tk