අද මම කතාකඑන්න යන්නෙ අමුතු දෙයක් ගැන, ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝනය, අද පලවෙන්නෙ පලමු කොටස. බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම් හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකඟවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව. රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ. බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ
“ මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි නේද?
තවත් කොටසක් ඉදිරි දවසක. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
6 comments:
ඔය කියන්න යන්නෙ aliensල ගැන නේ
මගේ අදහස කියන්නැතුව ලෝකයේ ඉන්න බුද්ධිමත්ම පුද්ගයෙක් කියපු එකක් දාන්නම්.
"I'm always a bit suspicious
when I hear these tales.
Look at it from the alien's point of view;
what's the point of crossing vast tracks of the universe in a high tech ship
just to abduct some lone Earthling.
In my opinion if aliens are here I suspect
the newspapers would be full of the story.
And if governments are involved in a cover-up
they are doing a much better job at it than they seem to do at anything else."
(උපුටා ගැනීම :- Discovery Channel - Into the Universe with Stephen Hawking - Aliens)
මමත් පොඩිකාලෙ ඉදලම ඔය බර්මියුඩා ට්‍රෑන්ගල් එක ගැන ලිපි කියවල තියනව.ඒත් කුතුහලය ඇවිස්සෙනව මිසක් කිසිම අදහසක් එන්නෙ නෑ.උඹත් ලියපන්කො.අනිවා දිගටම බලනවා.
නුවන්ට:ඒලියන්ස්ල ගැනත් මේකෙ සම්බන්දයක් තියෙලු
නිනේශ්ට: කියවනවනම් ලියන්නම්කො.
ලියමුකෝ දිගටම..මේ ගැන දැනගන්න හරිම කුතුහලයක් තියෙන්නේ
සම්රට:ඔහොම කියනවනම් ලියන්නම්කො.
Post a Comment