
සතෙක් ගැන යමක් තුලින් අද මම ඔඹට ඉදිරි පත් කරනනේ ඇමරිකානු ගෝනා පිලිබඳවයි.ඇමරිකානු ගෝනා සත්ව විද්‍යාත්මක නමින් කියුවොත් ඇල්සස් ඇමරිකනස් (Alces americanus.) තමයි මුව පවුලේ විශාලතම සාමාජිකය. මෙයාට විශාල බර ශරීරයක්, දිග පාද, ඒ වගේම දිගැටි මුහුණක්, නම්‍යශීලී උඩු තොලන් හා ලොකු නාසයකුත් තියනව. උගේ තියනවා උගුර ප්‍රදේශයේ සිට පහලට එල්ලෙන තැල්ලක්. මුන්ගේ ලෝම තද දුඹුරු පාටයි කලු පාටයි කියුවොත් වඩාත් නිවැරදියි. ඒත් මේ තද දුඹුරු පැහැය ශීත සෘතුවේදී ක්‍රමයෙන් මැකී යනව. පිරිමි සතුන්ගෙ වසන්ත කාලෙදි අං තට්ටු වැඩිල ශීත සෘතුවේදී හැලිල යනව. දන්නවද? මේ ගෝන්නුන්ට තමයි සත්ව ලෝකයේ විශාලම අං තට්ටු තියෙන්නෙ.
සාමන්‍යයෙන් ගෝනුනු උණුසුම් මාස වල හුදකලාවයි ජීවත් වෙන්නෙ ඒත් ශීත සෘතුවේදී කුඩා කන්ඩායම් ගොඩනගා ගන්නව. මුන් අලුයම් හා සන්ධ්‍යා කාලවල වැඩිපුර ක්‍රියාශීලීයි. ගෝනුන් එක් ප්‍රදේශයකටම වගේ සීමාවෙනව ජලය තිබෙන ප්‍රදේශ වල වැඩිවශයෙන් දැකගත හැකියි. උන්ගේ ප්‍රදේශයට ඇතුල් වෙන මිනිසුන්ට, සතුන්ට මුන් පහර දෙනව.
මොවුන්ට දක්ෂ ලෙස පිහිනීමේ හැකියාව තියනවා. මෙයලා මීටර් 4ක් ට (අඩි 14ක්) වඩා වතුර යටට කිමිදෙනවලු ජලජ පැලෑටි හොයාගෙන ආහාර සඳහා. මෙම ජලජ පැලෑටි වලින් සිරැරට අවශ්‍ය වන ලවන හා ඛනිජ ද්‍රව්‍ය ලබාගන්නව.
ඇමරිකානු ගෝන්න් පිලිබඳ තවත් තොරතුරු කිහිපයක් මේ:
බර: කිලෝග්රෑම් 270-600 අතර.
ආහාර: උලා කෑමෙන් ආහාර ලබාගනී, තණකොල,පාසි වර්ග,ජලජ ශාක ආහාරට ගනී.
අභිජනන සමය: සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර.
ගර්භණී කාලය: මාස 8යි.
ආයුකාලය: අවුරැදු 8 සිට 12 දක්වා (වැඩිවිය හැක)
වාසස්ථාන:
විල්,වගුරු බිම්,ගංඟා ආශ්‍රිත මිටියාවත් හා පතන වැනි කැලෑ ප්‍රදේශ වල. මොවුන් බ්‍රිටිශ් කොලොම්බියා සහ ඇල්බර්ටා ප්‍රදේශයේ, කැනඩාව, කොලරාඩෝ දකුණු හා උතුරැ ප්‍රදේශවල පැතිරපවතී.
තවත් දවසක සතෙක් ගැන යමක් සමග හමුවෙමු.
No comments:
Post a Comment