Tuesday, October 26, 2010

අයිස් දියවීම















අද මම විද්‍යාත්මක යටතේ කතාකරන්නෙ භූ විද්‍යාත්මක දෙයක් ගැනයි. ග්‍රීන්ලන්තයේ හිම දියවෙනවයි කියන කතාව කවුරුත් අහල ඇතිනෙ, එ ගැන දෙයක් කියන්නයි හදන්නෙ. ග්‍රීන්ලන්තයේ වටේ තියන හිම වේගයෙන් දියවෙනවයි කියල ඉස්සර කියුවත්, ඒක ඒ තරම්ම බරපතල නැහැ කියල දැන් විද්‍යායො කියනව. ග්‍රීන්ලන්තයේ පහත කොටසෙ මෙට්‍රික් ටොන් 15ක් තරම් ලොකු ප්‍රදේශයක් පසුගිය කාලේ දියවෙලා තියනව.
කොහොම වුනත් අවුරුදු පතා වැටෙන හිම නිසා වාර්ෂිකව මෙට්‍රික් ටොන් 54ක් හිම ග්‍රීන්ලන්තයේ අභ්‍යන්තරයෙ  පැතිවල ගොඩගැහෙනවලු.
ඒත් 1990 ගනන් එක්ක සසල බලද්දි හිම වැටීමෙ වෙනසක් වෙලාලු, 1990 ගනන්වලදි දියවෙන හිම පුමාණයට හරියන්න හිම වැටුනු නිසා හිම කුට්ටි එ පුමාණයෙන්ම පැවතුනා, ඒ තත්වෙදැන් ටික් වෙනසක් වෙලා තියනව.
ඒක නිසා වාර්ෂිකව දියවෙන හිම පුමාණය වසර 6 තුල කොලරාඩෝ ග‍‍ංගාවෙන් ගලායන වතුර වලට සමාන වෙනව, ග්‍රීන්ලන්තයේ තියෙන්නෙම හිම හින්ද එ රට වටේ තියන හිම ටිකක් දිය වුනත් ඒ රටට ඒක ලොකු ප්‍රශ්නක්. මෙහෙම හිම දිය වෙන්නෙ මිහිතලයේ උනුසුම ඉහල යන හින්ද තමා. තවත් දවසක විද්‍යාත්මක යටතේ හමුවෙමු. 

Sunday, October 24, 2010

ඇමරිකානු ගෝනා
















සතෙක් ගැන යමක් තුලින් අද මම ඔඹට ඉදිරි පත් කරනනේ ඇමරිකානු ගෝනා පිලිබවයි.ඇමරිකානු ගෝනා සත්ව විද්‍යාත්මක නමින් කියුවොත් ඇල්සස් ඇමරිකනස් (Alces americanus.) තමයි මුව පවුලේ විශාලතම සාමාජිකය. මෙයාට විශාල බර ශරීරයක්, දිග පාද, ඒ වගේම දිගැටි මුහුණක්, නම්‍යශීලී උඩු තොලන් හා ලොකු නාසයකුත් තියනව. උගේ තියනවා උගුර ප්‍රදේශයේ සිට පහලට එල්ලෙන තැල්ලක්. මුන්ගේ ලෝම තද දුඹුරු පාටයි කලු පාටයි කියුවොත් වඩාත් නිවැරදියි. ඒත් මේ තද දුඹුරු පැහැය ශීත සෘතුවේදී ක්‍රමයෙන් මැකී යනව. පිරිමි සතුන්ගෙ වසන්ත කාලෙදි අං තට්ටු වැඩිල ශීත සෘතුවේදී හැලිල යනව. දන්නවද? මේ ගෝන්නුන්ට තමයි සත්ව ලෝකයේ විශාලම අං තට්ටු තියෙන්නෙ.

    සාමන්‍යයෙන් ගෝනුනු උණුසුම් මාස වල හුදකලාවයි ජීවත් වෙන්නෙ ඒත් ශීත සෘතුවේදී කුඩා කන්ඩායම් ගොඩනගා ගන්නව. මුන් අලුයම් හා සන්ධ්‍යා කාලවල වැඩිපුර ක්‍රියාශීලීයි. ගෝනුන් එක් ප්‍රදේශයකටම වගේ සීමාවෙනව ජලය තිබෙන ප්‍රදේශ වල වැඩිවශයෙන් දැකගත හැකියි. උන්ගේ ප්‍රදේශයට ඇතුල් වෙන මිනිසුන්ට, සතුන්ට මුන් පහර දෙනව.

  මොවුන්ට දක්ෂ ලෙස පිහිනීමේ හැකියාව තියනවා. මෙයලා මීටර් 4ක් ට (අඩි 14ක්)  වඩා වතුර යටට කිමිදෙනවලු ජලජ පැලෑටි හොයාගෙන ආහාර සහා. මෙම ජලජ පැලෑටි වලින් සිරැරට අවශ්‍ය වන ලවන හා ඛනිජ ද්‍රව්‍ය ලබාගන්නව.

ඇමරිකානු ගෝන්න් පිලිබ තවත් තොරතුරු කිහිපයක් මේ:

බර: කිලෝග්රෑම් 270-600  අතර.
ආහාර: උලා කෑමෙන් ආහාර ලබාගනී, තණකොල,පාසි වර්ග,ජලජ ශාක ආහාරට ගනී.
අභිජනන සමය: සැප්තැම්බර් හා ඔක්තෝබර් අතර.
ගර්භණී කාලය: මාස 8යි.
ආයුකාලය: අවුරැදු 8 සිට 12 දක්වා (වැඩිවිය හැක)

වාසස්ථාන:
විල්,වගුරු බිම්,ගංා ආශ්‍රිත මිටියාවත් හා පතන වැනි කැලෑ ප්‍රදේශ වල. මොවුන් බ්‍රිටිශ් කොලොම්බියා සහ ඇල්බර්ටා ප්‍රදේශයේ, කැනඩාව, කොලරාඩෝ දකුණු හා උතුරැ ප්‍රදේශවල පැතිරපවතී.
තවත් දවසක සතෙක් ගැන යමක් සමග හමුවෙමු. 

Saturday, October 23, 2010

චීන මහා ප්‍රාකාරය 1-කෙටස















අද මම කතාකරන්න යන්නෙ පුදුම හතෙන් එකක් ගැන. පරණ  පුදුම හතෙත් මේක තිබුන,අලුතෙන් නම් කරපු පුදුම හතෙත් මේක තියනව. ඒ තමයි චීන මහා ප්‍රාකාරය. සමහර අය මේක බලන්න ගිහිල්ලත් ඇති, මම නම් දැකල තියෙන්නෙ ෆොටෝ වලිනුයි ටීවි එකෙනුයි තමයි. ලොකෙට එක එක පුදුම දේවල් අලු‍ෙතන හොයාගත්තත්, චීන මහා ප්‍රාකාරයට තියන තැනනම් ගන්න කවදාවත් බැරි වන,මට හිතෙන්නෙ ඉස්සරහටත් ඒක එහෙමම වේවි. යුනෙස්කෝ එක චීන මහා ප්‍රාකාරය ලෝක උරුමයක් හැටියට නම්කරලයි තියෙන්නෙ.
මේ ප්‍රාකාරය හදන්න පටන්ගගත්ත දවසක් ගැන හරියටම කියන්න බැරිලු. ඒත් ස්යූ රාජ වංශයෙ මුලුකාල දේශ සීමාවල හිටපු සතුරු ගෝත්‍රවලින් ආරක්ෂා වෙන්ව මේ වගේ ප්‍රාකාරයක් පටන්ගන්න ඇති කියල විස්වාස කරනව. කොහොම වුනත් ක්‍රි.පූ 5වන සිවස හා 17වන සිවස් අතර කාලයේ රාජ වංශයෙන් රාජ වංශයට ගෙඩනගමින් වෙනස් වෙමින් තිබුණු චීන මහා ප්‍රාකාරය තමයි ලෝකයේ දැට තියන ලොකුම ගෙඩනැගිල්ල වෙන්නෙ. ඒ වගේම මිනිස්සුන්ගෙ මහන්සියෙන් හදපු දිගම ගෙඩනැගිල්ල වෙන්නෙත් මේකම තමයි. නැ‍නෙහිර ප්‍රදේශයේ ෂැංහයිහි පිහිටි කොටසේ ඉල බටහිර ‍පැත්තෙ ලොප් නූර් දක්වා කි.මී 6352ක ප්‍රදේශයක් ආවරනය වෙන විදියට මේක හදල තියනව. මැටි ,ගල්, ලී.ගඩොල් වගේ එක එක දේවල් යොදාගෙන තමයි මේක හදල තියෙන්නෙ. රාජ වංශයෙන් රාජ වංශයට හදන්න ගත්ත දේවල් වෙනස්වෙලා තියනව. අනික චීන මහා ප්‍රාකාරය එක දිගටම හදාගෙනගියපු එකකුත් නෙවේ තැන තැන හදපු ප්‍රාකාර කීපයක එකතුවක්.
චීන රාජ වංශයට චීනය වටේට හදපු සේරම ප්‍රාකාර එකතු කලානම් ඒකෙ දිග කි.මී 50,000ක් වඩා දිල වෙන්න තිබුනලු. කොහෙම උනත් මේක නිකම්ම බැම්මක් නෙවේ. කොටු,පහන් කණු,මංකඩවල්,සොල්දාදුවන්ට ඉන්න හදපු නිවාස වගේ ගොඩක් දෙවල් ප්‍රාකාරය දිගටම තියනව. කැම වර්ග,ආයුද ගබඩා කරල තියෙන්නෙ ප්‍රාකාරය ඇතුලෙමයි.
 ඒ කියන්නෙ මෙන්න මේ වගේ තැන් වල:













චීන ආර්ථිකයටත්,සංස්කෘතියටත් මේ ප්‍රකාරයෙන් ලොකු පිටුවහලක් සැලසිල තියනව. ඒ කාලෙ තිබුනු සේද මාවත වගේ වෙලාමට යොදාගත් පාරවල් වලටත් ආරක්ෂාව ලැබිල තියෙන්නෙත් මේ ප්‍රකාරයෙන් තමයි.
ක්‍රි.පූ 8වෙනි සියවසේ වසන්න හා සරත් කාලය උදාවෙනකොට චීන මහා ප්‍රාකාරය ගොඩ නංවන ඕන කරන තාක්ෂය චීන ජාතිකයින් දැනගෙන ඉල තියනව. ඔවුන් තමන්ගේ රාජධානියේ ආරන්ෂාවට මේක හදද්දි කඩු,හෙල්ල වගේ සුලු ආයුද වලට ඔරොත්තු දෙන්නයි හදල තියෙන්නෙ. හදල තියෙන්නෙ ලී සැකිලි අතරට මැටියි ගලුයි කවලම් කරල පුරවලාලු.
(ඔයාල හොල්මන් කතා වලට කැමතිද? කැමතිනම් කමෙන්ට් එකකින් කියන්න,මම ලියන්නම්) චීන මහා ප්‍රාකාරය ගැන අද කොටස ඉවරයි. තව ගොඩක් දේවල් තියනව ලියන්න.

Thursday, October 21, 2010

බර්මියුඩා ත්‍රිකෝණය 2-කොටස.






















අද මම කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝණය ගැන, අද පලවෙන්වෙ දෙවන කොටස. පලමු කොටස නොබලපු අය මුලින්ම බර්මියුඩා ත්‍රිකොණය 1-කොටස  බලල ඉන්න. හරි ඔන්න එහෙනම් දෙවන කොටස. කලින් කියුව ගුවන් යාන වගේම අඩි 400 විතර දිග භාණ්ඩ පුවාහනය කරන්න යෙදවල තිබුනු, නැවක් එකෙ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව. මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය කියල අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල. එතකොට ඒ නැවට මොකද වුනේ? ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.
  එ නැවේ මගීන්309 අරගෙන යමින් තිබුනු මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරගත්තත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම වැඩක් වෙලා නැහැ. 1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී තවත් පුදුම දෙයක් වෙලා තියනව. ඒ තමයි බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන  කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින්ය කියල.
ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එතකොට හිටිය මිනිස්සුන්න,බල්ලට මොකද වුනේ? ගිරව මැරුනෙ කොහොමද? ඒව නම් ඉතිං උත්තර නැති ප්‍රශ්න.
  බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව.  මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් ‍මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව‍. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.
  බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?
 මේ ගැන තවදුරටත් පරීක්ෂන කරපු පර්යෙෂකයින් නම් කියන්නෙ අර යුරෝපයෙ පර්යෙෂකයින් මොකක්හරි එකක් උනේ කොහොමද, නැත්තං හැදුවෙ කොහොමද කියල (ඊජිප්තුවෙ හදල තියන පිරමීඩ වගේ) ඒ අයට හොයාගන් බැරි උනාම කියන එක (කට්ටිය සමහර විට දන්නවත් ඇති), ඒ තමයි මේ සිදුවීම් එක්ක පිටසක්වල ජීවීන්ගෙ සම්බන්දයක් තියනවය, ඒ පිටසක්වල ජීවීන් ඔවුන්ගෙ පර්යේෂන සදහා පෘථිවියේ තොරාගනපු ප්‍රදේශ වලින් එකක් මේ ප්‍රදේශය වෙන්න ඇති කියලයි. දැන් ඉතිං මම හිතන දෙයත් කියන්න ඔනනෙ. මටනම් කින්න තියෙන්නෙ මේ බර්මියුඩා ත්‍රිකෝණ කතාව පට්ටපල් බොරුවක් කියල. ඔයාලට හිතෙන දේත් මට කියන්න(විශේෂයෙන්ම අර යුරෝපයෙ පර්යෙෂකයින් කිය කතාව ගැන). ඔන්න එහෙනම් මගේ බර්මියුඩා ත්‍රිකෝණ විස්තරේ ඉවරයි.
බලල‍ කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

Tuesday, October 19, 2010

ෆෝන් එකෙන් වීඩියෝ බලන්න ෆ්‍රී කන්වර්ටර් එකක්












ෆෝන් එකෙන් බලන්න පුලුවන් විදියට වීඩියෝ කන්වර්ට් කරගන්න ගියාම කරදර වෙන අයට නියම ෆ්‍රී ටූල් එකක් මේක. කට්ටිය මේක ගැන දන්නවද දන්නෙත් නෑ, නොදන්න අයත් ඇතිනෙ,ඒක නිසා දානව. මේ ටූල් එකේ තියන එකම ප්‍රෂ්නෙ තමයි වීඩියෝ කන්වර්ට් කරාට පස්සෙ ප්‍රොෆෙෂනල් වර්ෂන් එකට අප්ග්‍රෙට් කරන්න අහන එක තමයි. ඒත් මේ වර්ෂන් එක සම්පූර්නයෙන්ම ‍ෆ්‍රී. අරගෙනම බලන්න මෙන්න ලින්ක් එක
Anyvideoconverter(ලින්ක් එකෙන් ගිහින් ෆ්‍රී කන්වර්ටර් එක තෝරල ඩවුන්ලෝඩ් කර ගන්න)
තවත් දවසක  තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාන්න.

Monday, October 18, 2010

පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?


 අද මම විද්‍යාත්මක යටතේ කතාකරන්නෙ තාරකා විද්‍යාත්මක දෙයක් ගැනයි. විශ්වයේ
(මෙන්න විශ්වය)
 







තියන එකම සෞරග්‍රහ මණ්ඩලය අපේ ඉර අයිති  සෞරග්‍රහ මණ්ඩලය විතරයි කියල කියුවොත් කට්ටිය මට හිනාවේවි, ඒත්  සියවස් ගානක් තිස්සෙ මිනිස්සු හිතාගෙන හිටියෙ එහෙමයි.  ඒ වුනාට තාරකා විද්‍යාවෙ දියුනුවත් එක්කම 1999 දී  ඒ අදහස වැරදියි කියල ඔප්පු වුන.
ඒ අපි ඉන්න මන්දාකිනියට ආලෝක වර්ෂ 44(ආලෝක වර්ෂය=සැතපුම් 180,000x60x60x24x365.ගාන හදන්නනම් යන්න එපා)1999දී ඈත විශ්වයේ තියන ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහ මන්ඩලයක් හොයා ගැනීමත් එක්ක.
(මේ තියෙන්නෙ ඇඩ්‍රොමිඩා මන්දාකිනිය)

 









ගොඩක්කල් පරීක්ෂන පවත්වාගෙන ගිය විද්‍යායන්ගේ මේ සොයාගැනීමත් එක්ක තාරකා  විද්‍යාවෙ ලොකු උනන්දුවක් ඇතිවෙලා තියනව. මේ තාරකාව වටේ ග්‍රහලෝක 3ක් ගමන් කරනව කියල හොයාගෙන, ඒත් 1999දී හොයා ගත්ත ඒ දත්ත පරීක්ෂාකරල නිවැරදි තොරතුරු හොයාගත්තෙ පහුගියකාලෙ.
 මේ ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන බ්‍රහස්පතී වගේ විසි ගුනයක් තරම් ලොකුලු. (බ්‍රහස්පතී පෘථිවිය වගේ 318 වාරයක් විශාලයි, අපි වගේ කොච්චර ලොකු ඇද්ද? ) , මුල් ග්‍රහලෝක 2 මෙච්චර ලොකු වුනාට 3වෙනි එක බ්‍රහස්පතීගෙන් තුනෙන් එකක් විතරලු වෙන්නෙ. 3වෙනි ග්‍රහලෝකෙ ඉෆ්සයිලෝන් තරුවට ගෙඩක්ම කිට්ටුවෙන් තියන හින්ද ර්කට තරුව වටේ යන්න වැය වෙන් දින 4,6 වගේ කාලයක්.
 මේ සොයාගැනීම ගැන පර්යේෂන කරපු කන්ඩායමේ නාකයා කියල තියනව මේ අලුත් ග්‍රහ මණ්ඩලයත් එක්ක අපේ ග්‍රහ මණ්ඩලයේ යම් සම්බන්දයක් තියෙන්න පුලුවන් කියල. අපේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ඉරට කිට්ටුවෙන් තිබුනට, ඉෆ්සයිලෝන් තරුව වටේ තියන ග්‍රහලෝක මවු තාරකාවට බොහෝම කිට්ටුවෙන් පිහිටල තියනවලු. මුල් කාලෙ දරින් තිබිලල පස්සෙ කාලෙ දුරස් වුනා කියලයි හොයාගෙන තියෙන්නෙ.
 මේ ග්‍රහලෝකවල ජීවින් ඉන්නනම් ජලය හා වායුගොලයක් තියෙන්න ඕනලු. අන්තිමට ඉතිං කියන්න තියෙන්නෙ අපේ සූර්යා අපේ මන්දාකිනියෙ තියන  සියක් කෝටි 200ක් විතර වන තරු වලින් එකක් කින එකක් කියන එක තමයි.
(යට තියන පිනිතූරෙ තියෙන්නෙ අපි ඉන්න මන්දාකිනිය, ඒකෙ රතු රවුමෙ තියන නිල් තිතේ තමයි අපි ඉන්නෙ)










අනෙත් තරු වලත් තව ග්‍රහමන්ඩල තියන වද දන්නෙ නැ නේ? . තවත් දවසක විද්‍යාත්මක යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතකකරන්න එපා.

Friday, October 15, 2010

බර්මියුඩා ත්‍රිකෝණය














   අද මම කතාකඑන්න යන්නෙ අමුතු දෙයක් ගැන, ඒ තමයි බර්මියුඩා ත්‍රිකෝනය, අද පලවෙන්නෙ පලමු කොටස.  බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම් හරියටම තැන බලාගන්න පුලුවන්. මේක මේකාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
 එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ,  බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්,නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, අඩුගනනෙ කඩාවැටුන් ගුවන් යානයකින් වැටුනු තෙල් බින්දුවක් වත් හොයාගන්න බැරි වෙලා.
 මේ ගැන පරීක්ෂන පවත්වපු අයනම් කියන්නෙ මේ ප්‍රදේශයේ තියනන අසාමාන්‍ය ගුරුත්වාකර්ශණන නිසාලු මෙහෙම වෙලා තියෙන්නෙ. ඒත් ඒ මතයත් එක්ක එකවෙන් බැරිවෙලා තියෙන්නෙ අසාමාන්‍ය ගුරුත්වාකර්ශණනයක් තිබුනත් මෙ කඩා වැඩුනු දේවල් වැටුනු තැනක් හොයාගන්න බැරිවුනු නිසා. තවත් දෙයක් තමයි ගුරුත්වාකර්ශණනයකින් එහෙම වුනානම් හැම ගුවන් යානකටම බලපාන්න ඕනනෙ. ඒත් මෙතන එහෙම දෙයක් වෙලා නැහැනෙ, සමහර ඒවට විතරයි මෙහෙම වුනෙ.
1945.12.05 නෙිද ඇමරිකානු නාවික හමුදාවෙ බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේෂයක උඩින් ගමන් කරමින් තියෙනව. මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව, එත් එක පාරටම ඒව නැවතිල තියනව.  රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව. ඒත් ඇවිලිල නැහැ. බර්මියුඩා ත්‍රිකෝනය කිට්ටුව ප්‍රදේශයේ රේඩාර් සිග්නල් වැඩකරමින් ගමයි තිබිල තියෙන්නෙ, ඒත් ගුවන් යානා ගැන කිසිම හෝඩුවාවක් ලැබිල නැහැ.
 පස්සෙ මේව හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව ඒ වෙලාවෙ හරිම පුදුම දෙයක් තමයි වෙලා තියෙන්නෙ. මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි 10කට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව.  හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව මෙහෙමයි ඒකෙ කියවිලා තියෙන්නෙ
මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව. දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...”
මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය. පස්සෙ මේ ගැන විශා පරීෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් 15 දෙනා ගැනවත් ගුවන් යානා 6 ට මොකද වුනේ කියලවත් හොයා ගන්න බැරිවෙලා තියනව. හරිම පුදුමයි‍ නේද?
 තවත් කොටසක් ඉදිරි දවසක. බලල‍ කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

Wednesday, October 13, 2010

මොකක්ද මේ බ්ලූ-රේ? 2 කොටස

Samsung-BD-P4600-Blu-ray Player













මොකක්ද මේ බ්ලූ-රේ? 2 කොටස

අද මම තාක්ෂණික යටතේ කතාකරන්නෙ බ්ලූ-රේ ගැනයි අද පලවෙන්නෙ දෙවන කොටස. මුලින්ම 1-කොටසට කමෙන්ට් කරපු අයට ස්තූතියි. පුශ්න වගේකුත් අහල තිබුන ඒවටත් උත්තර මේකෙ ඇති.ඔන්න එහෙනම් දෙවන කොටස, ඩීවීවී වගේම බ්ලූ-රේ තැටි වලත් දත්ත ලිවීමේ(write) හැකියාවත් තියනව. ඒ වගේම BD/DVD කියල බ්ලූ-රේ හා ඩීවීවී යන ප්ලෙයර්ස් දෙකේම ධාවනය වන වර්ගයකුත්  හඳුන්වා දීල තියනව.
  ඩීවීඩී වල නම් දත්ත ඇතුලත් කරල තියන පැත්ත අතින් ඇල්ලුවත් රූප අපැහැදිලි වෙනවනෙ, ඒත් බ්ලූ-රේ වල එහෙම නොවෙන්න විශේෂ ආවරනයක් යොදල තියෙනවලු. තවත් දෙයක් ඩීවීඩී වලට වඩා තැටියේ ඇති වැරදි සකස් කර ගැනීමේ ක්‍රමයක් බ්ලූ-රේ වල තියනව. DVD වල HD වීඩියෝ දානුන පුලුවන් වුනාට තියන ප්‍රශ්නෙ තමයි ඉඩකඩ මදි කම ඒත් බ්ලූ-රේ තමයි ඒකට විසඳුම මොකද තනි ලෙයරයක 25GB දාන්න පුලුවන්නෙ. මේ විශාල ඉඩ කඩ නිසා දැන් අපි රිමෝට් එකෙන් කරනවට වඩා දේවල් බ්ලූ-රේ ප්ලෙයර් එකක රිමෝට් එ‍කෙන් කරන්න පුලුවන් වෙනව, ඒ කියනනෙ තිරයේ පෙනෙන්න තියන රූපරාමුව වෙත් කෝන වලින් හරියට ගූගල් අර්ත් වල ලෝක බෝලෙ කරකවා බලනව ව‍ගේ, නැත්නම් පරිගනක ක්‍රීඩාවක වගේ ඉදිරියෙන්, පිටුපසින් බලන්න පුල්වන් වෙයි. හැබැයි මෙතනදි තවත් දෙයක් කියන්න ඕන මේ විදියට කැමති විදියක බලන්න පුලුවන් වෙන්න අපි බලන චිත්‍රපටය ඒ ඒ කෝන වලින් පටිගත කරල තියෙන්න ඕන, හැබැයි ඒ දේ කරන්න මේච්චර කල් තිබුනු බාදාව DVD එකේ කැපෑසිට් එකේ ප්‍රශ්නෙනම්  බ්ලූ-රේ වලිනි විසඳල තියෙන්නෙ.
 බ්ලූ-රේ වලට යොදාගන්නා වීඩියෝ ෆෝමැටිස් අතර HD(high-definition video) සඳහාම වර්ධනය කරන ලද MPEG-2,4 , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මීඩියා වීඩියෝ(WMV)ත් තියනව. ඒ වගේම ඕඩියෝ වලට සම්පින්ඩනය නොකල(uncompressed) චැනල්ස් අටේ ශබ්ද මාලාවන්ට(එනම් ශබ්දය කෝන අටකින් පටිගත කල), 7.1,5.1 සරවුන්ඩිනි සවුන්ඩ්(කට්ටිය සරවුන්ඩිනි සවුන්ඩ් දන්නවනෙ?),ඩොල්බි ඩිජිටල් (DD) වලටත් සහය දක්වනව. ඒත් හැම බ්ලූ-රේ එකේම මේම සියල්ල තිබිය නොහැකියි නිෂ්පාදන මට්ටමේදි ඇතුලත් කරන්නෙ මොනවද කියල නිෂ්පාදකය තමයි තීරනය කරන්නෙ.
  ඩීවීඩී හා බ්ලූ-රේ වල තියන වෙනස් කම් ටිකක් මේ. ඉස්සර වෙලා අපි දන්න ඩීවීඩී ගමු තනි ලෙයරය 4.7GB, ලෙයර් දෙක 8.5GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර්  650යි,ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.1යි,ඝන වැස්මක් නැත,සාමාන්‍ය දත්ත ගලායන වේගය11.08mbps=1x ,ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය10.08mbps=<1x,උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 720×480/720×576, උපරිම වීඩියෝ බීට්රේට් එක 9.8Mbps,. දැන් අපි එච්චර නොදන්න බ්ලු-රේ අරගෙන බලමු, තනි ලෙයරය 25GB, ලෙයර් දෙක 50GB, දත්ත කියවන රේසර් කදම්බයේ පලල නැනෝමීටර්  405යි, ආරක්ෂිත රෙයරයේ පලල මිලිමීටර් 0.6යි, ඝන වැස්මක් ඇත, සාමාන්‍ය දත්ත ගලායන වේගය36.0mbps=1x, ඕඩියො වීඩියෝ දත්ත ගලායන වේගය54.0mbps=1.5x, උපරිම වීඩියෝ රෙසොලූෂන් ප්‍රමාණය 1920 x 1080, උපරිම වීඩියෝ බීට්රේට් එක 40.0Mbps.
  බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී ධාවනය කරන්නත් හැකියාව තියනව,ඒත් ඩීවීඩී ප්ලෙර්වල නම් බ්ලූ-රේ තැටි ධාවනය වෙන්නෙ නැහැ. තවත් දෙයක් තමයි සාමාන්‍ය ඩීවීඩී ප්ලෙර්වලට වඩා උසස් රූපරාමු  බ්ලූ-රේ ප්ලෙර්වල ඩීවීඩී තැටි ධාවනයෙන් ලබා ගන්නත් හැකියි. දැන් කට්ටිය හිතනව ඇති තමන්ගෙ පරිගනකයටත් බ්ලූ-රේ ප්ලෙර් එකක් දාගන්න ඹ්නද කියල. තමන් නිතරම චිත්‍රපට බලනවනම් දැනට විඳිනවට වඩා උසස් රස වින්දනයක් අවශනම් ගත්තට කමක් නැහැ,ඒත් සාමාන්‍ය  වැඩවලට නම් ඩීවීඩී ප්ලෙයර් එක ‍හොඳටම පුමාණවත් අනික බ්ලූ-රේ ප්ලෙර්ස්,තැටි ටිකක් මිලෙනුත් අධිකයි.තවත් දවසක තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

Friday, October 8, 2010

උත්තරධ්‍රැව වෘකයා













සතෙක් ගැන යමක් තුලින් අද මම ඔඹට ඉදිරි පත් කරනනේ උත්තරධ්‍රැව වෘකයා ගැනයි. උත්තරධ්‍රැව වෘකයා සාමාන්‍ය වෘර්ක පවුලේම තවත් උප විශේෂයක්. තරුණ උත්තරධ්‍රැව වෘකයො අඟල් 25-31 විතර උසයි(උරහිස දක්වා), ඒ වගේම බර රාත්තල් 175 විතර වෙන්න වැඩෙනව. ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා කුඩායි, බරින් අඩුයි. මොවුන් හිසේ සිට වල්ගය දක්වා අඩි 3ත් 5ත් අතර වෙනව. මුන්ගෙ ලොම් වැස්ම ලා සුදු පාටයි, බලන්න දාලා තියන පින්තූරෙ දිහා. උත්තරධ්‍රැව වෘර්කයො 7 සිට 10 දක්වා වන කන්ඩායම් ගොඩනගාගෙන සිටිනව. ඇතැම් විට මීට වඩා ඉන්න කන්ඩායම් ඉන්න පුලුවන්(සතුන් 30 දක්වා සිටින). මොවුන් අවුරුදු 2-3 වන විට පරිනත අවදියට එනව. ගැබ් කාලය දින 53 සිට 61 දක්වා. එක් වරකට පැටවු 4ක් 5ක් විතර උපදිනව. ජීවිත කාලය අවුරුදු 7ක් විතර.

උත්තරධ්‍රැව වෘකයා පිලිබඳ තවත් තොරතුරු කිහිපයක් මේ:

බර: කිලෝ 23-80 දක්ව.
ශරීරයේ දිග: සෙන්ටි මීටර් 87-130 දක්වා
අභිජනන සමය: ජනවාරි සිට මාර්තු දක්වා.
පරිනත අවදිය: වසර 2 සි 3 දක්වා.
එක් වරකට උපදින පැටවුන් ගනන: 5-14 දකක්වා. (සමාන්‍යයෙන් 7යි.)
සතුරන්: ඇමරිකානු වෘකයා,දුඹුරු වෘකයා.
ජීවිත කාලය: වසර 5යි.



තවත් දවසක සතෙක් ගැන යමක් සමග හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

මොකක්ද මේ බ්ලූ-රේ? 1-කොටස.











 අද මම තාක්ෂණික යටතේ කතාකරන්නෙ බ්ලූ-රේ ගැනයි අද පලවෙන්නෙ පලමු කොටස.
බ්ලූ-රේ (Blu-ray)කියන්නෙ ඩීවීඩී වගේ,විඩියෝ සම්පින්ඩනය(compression) කරන තාක්ෂණයක්.
මෙය සලකන්නෙ ඩීවීඩී වල ෆෝමැට් එකේම සිංහලෙන් කියනවනම් ඩීවීඩී ආකෘතියෙම ඉදිරි පියවරක් වශයෙනුයි.මෙම තාක්ෂණය එලිදැක්වන ලද්දේ ඇපල්,ඩෙල්,හිතාචි,එල්ජී,සැම්සුන්,සෝනි වැනි ප්‍රධාන පෙලේ තාක්ෂණික උපකරණ නිපදවන ආයතන ඇතුලත් වන බ්ලූ-රේ ඩිස්ක් ඇසොෂියේෂන් සංගම‍යෙන්.
 බ්ලූ-රේ වලට ඒ නම ලැබිල තියෙන්නෙ මෙම තාක්ෂණයෙන් යුත් ඩිස්ක කියවීම සඳහා සාමාන්‍යයෙන් අනෙක් ධාවක වල යොදාගන්නා රතු ලේසර් කදම්බය වෙනුවට නිල් පැහැති ලේසර් යෙදාගැනීම නිසයි.
තවත් දෙයක් තමයි රතු ලේසර් වලින් තැටියක දත්ත කියවද්දි නැනෝමීටර් 690ක රේසර් කදම්බය තැටියට එල්ල කරල තමයි දත්ත කියවන්නෙ, ඒත් බ්ලූ-රේ වල මෙම රේසර් කදම්බය නැනෝමීටර්  450ට කුඩා කරල තියනව, මේ හේතුව නිසා ඩීවීඩී තැටියකය අසුරා ඇති දත්ත වල දුර ප්‍රමාණයට වඩා  අඩු දුරකින් දත්ත ඇසිරීමේ හැකියාව ලැබෙනව.
  තවත් පැහැදිලි කරනවනම් CD,DVD මේ ඕනෑම තැටියක දත්ත ඇතුලත් වෙන්නෙ වලයාකාර පථයන් තුලයි  DVD වල මේ වලයාකාර පථයක පලල නැනෝමීටර් 690යි,ඒත් බ්ලූ-රේ තැටියක නැනෝමීටර් 450.
25GB විතර එක් තැටියක දාන්න හැකියි, ඩීවීඩී තැටියකයනම් අපි අහල තියෙන්නෙ ලෙයර්ස් දෙකකට දත්ත ලියන්න පුලුවන් කියල ඒත් බ්ලූ-රේ වල මේ හැකියාව ලෙයර්ස් විස්සක ප්‍රමාණයකට වැඩිකරල 500GB දක්වා දත්ත ඇතුලත් කිරීම වැඩිකරන්න පුලුවන්ලු.
 පැය නවයක කාලයක් පුරා දිවෙන  HD (high-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ දත්ත  ප්‍රමාණයක් සහ පැය 23ක  SD (standard-definition) තාක්ෂණයෙන් යුත් වීඩියෝ සාමාන්‍ය එනම් තනි ලෙයරයේ බ්ලූ-රේ තැටියකය රඳවන්න පුලුවන්. බ්ලූ-රේ දත්ත කියවීමේ,ලිවීමේ වේගය ගත්තොත් 1X වේගයක් කියන්නෙ සාමාන්‍යයෙන් තත්පරයකට මෙගාබිට් 36 (36mpbs)ක්. ඒත් වීඩියෝ බලන්නනම් 54mpbs තරම් දත්ත කියවීමේ වේගයක් අවශ්‍යවෙනව. බ්ලූ-රේ තැටියක් ධාවනය වීමේදී  කැරකෙන වට ප්‍රමාණය DVD හා HD-DVD තැටි වලට සමාන වුනත් දත්ත කියවීමෙ සහ ලිවීමේ වේගය ඉතා ඉහලයි. අනෙත් කොටස තවත් දවසක.
තවත් දවසක  තාක්ෂණික යටතේ හමුවෙමු. බලල කැමතිනම් කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.